. රදීෂ -රුමේෂ් ගුවන් හමුදාවට පළමු ජය ගෙනෙති | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා
රදීෂ -රුමේෂ් ගුවන් හමුදාවට පළමු ජය ගෙනෙති
2017-11-20 09:30:54 | මොහාන් ප්‍රනාන්දු

රදීෂ සෙනෙවිරත්නගේ සහ රුමේෂ් රාම්දාස්ගේ අනගි උත්සාහක දිනුම් හේතුවෙන් ලකුණු 15-7 ක් ලෙස පොලිස් පිල පරාජය කරමින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

රත්මලාන ගුවන් හමුදා පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේදීම රදීෂ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 7-0 කින් ඉදිරියට ගෙන ගියේය. ඉන් පසුව පළමු භාගය නිමාවනතුරු දෙපිලටම ලකුණු රැස් කිරීමට නොහැකිවීම කැපී පෙනුණි.

එසේ වුවත් දෙවැනි භාගයේදී සිය ආක්‍රමණශීලී තරග රටාව ඉහළ දැමූ ගුවන් හමුදා පිල රුමේෂ් රාම්දාස්ගේ උත්සාහක දිනුමත් සමග ලකුණු 12 කින් ඉදිරියට යාමට සමත්විය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමේ අවස්ථාව ඉද්දමල්ගොඩගෙන් ගිලිහී ගියේය.

ඊට මොහොතකට පසුව කසුන් සුරංග පොලිස් පිලේ ලකුණු අහේනිය තුරන් කරමින් අගනා උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර සංදේශ් ජයවික්‍රම එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

තරගය නිමාවීමට පෙර ලද දඬුවම් පහර සාර්ථක කර ගත් චරිත් සෙනෙවිරත්න 15 -7 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියට ගෙන යමින් ජයග්‍රහණය තහවුරු කළේය. 

 

තරගාවලියේ විශේෂ අවස්ථා ...

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...