. ඔලිම්පික් කමිටුවේ විධායක සභා රැස්වීම අවිනිශ්චිතයි | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
ඔලිම්පික් කමිටුවේ විධායක සභා රැස්වීම අවිනිශ්චිතයි
2017-11-20 21:56:48 | නාමල් පතිරගේ

මහා සභා රැස්වීමේදී යොදා ගත් පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා රැස්වීමක් ඉදිරි දිනවලදී පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. 

ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවේ නව වගන්ති මාලාවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලැබෙන තුරු විධායක සභා රැස්වීමක් කැඳවීම සුදුසු නොවන බවට මේ වනවිට අදහසක් ඉදිරිපත් වී තිබීම ඊට හේතුවී ඇතැයි ද වාර්තා වේ.
 
පසුගිය නොවැම්බර් 9 වැනිදා  ජාතික ඔලිම්පික් කමිටුවේ මහා සභා රැස්වීම පැවැත්වුණි. එහිදී ගත් තීරණයකට අනුව එදින රැස්වීමේදී සාකච්ඡාවට නොගත් විශේෂ වැදගත්කමක් ගන්නා යෝජනා කීපයක් පිළිබඳව තීරණයකට එළඹීම සඳහා මෙම විධායක සභා රැස්වීම කැඳවීමට තීරණය කර තිබුණි. 
 
කෙසේ වුවත් ලබන සිකුරාදා (24) මෙම සති දෙක ගෙවී අවසන් වන අතර ඒ පිළිබඳව ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ අදහස වී ඇත්තේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ නව වගන්ති මාලාව පිළිබඳව ඔවුන් තීරණයක් ලබා දෙන තුරු විධායක සභා රැස්වීමක් කැඳවීම සුදුසු නොවන බවය. 
 
කමිටුවේ මින් ඉදිරියට පරිපාලන කටයුතු පවත්වා ගෙන යාම, එහි නව සාමාජික ලයිස්තුව ලේඛනගත කිරීම, නව සංගම් සඳහා සමාජිකත්වය ප්‍රදානය කිරීම ඇතුළු යෝජනා කිහිපයක් පිළිබඳව වැඩිපුර තීරණ ගැනීම සඳහා එම විධායක සභා රැස්වීම කැඳවීමට යෝජනා කර තිබුණි. 
 
නූතන පංච ප්‍රයාම, බේස්බෝල්, කරාටේ දෝ, හිම ක්‍රීඩා හා රෝද පුටු යන ජාතික ක්‍රීඩා සංගම් පහක් මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමජිකත්වය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසු වේ. 
 
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන පෙබරවාරි 9 වැනිදා පැවැත්වීමට දැනට තීන්දු කර තිබේ. මේ අතර ජාතික හිම ක්‍රීඩා සංගමය සඳහා ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දීම මේ වනවිට ප්‍රතික්ෂේප වී තිබේ. 
 
ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කර ඇත්තේ හිම ක්‍රීඩා ඉසව්වේ කාණ්ඩ කීපයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බැවින් එක් සංගමයක් ඉලක්ක කරමින් එසේ ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ප්‍රදානය කළ නොහැකි බවය.
කෙසේවුවත් මහ සභා රැස්වීමේදී එකඟ වූ පරිදි විධායක සභා රැස්වීමක් කැඳවීමට කටයුතු නොකිරීම ගැන ජාතික ක්‍රීඩා සංගම් කීපයක් මේ වන විට දැඩි අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
 

මැක්ස්වල් ද සිල්වා මහතා යළි ලේකම් ධූරයට තරග වදින බව ප්‍රකාශ කර තිබෙන නමුදු හේමසිරි ප්‍රනාන්දු මහතා යළි යළිත් අවධාරණය කර ඇත්තේ තමා නැවත ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට තරග නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...