. ඉන්දියාව හරිත තණතීරුවක් ඉල්ලයි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා
ඉන්දියාව හරිත තණතීරුවක් ඉල්ලයි
2017-11-23 20:06:46 | ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හිදී හෙට (24 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීත් වේග පන්දු යවන්නන්ට උචිත හරිත පැහැයෙන් යුත් තණතීරුවක් ඉල්ලා සිටි බව ඉන්දීය නායක විරාට් කෝලි කියයි. ඔහුගේ අරමුණ වන්නේ ඉදිරියේ එන දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා තමන්ගේ පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් සූදානම් කරගැනීමයි.


කොල්කටාවේදී පැවැති පළමු ටෙස්ට් තරගය සඳහාත් වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකස් කළ ඉන්දීය පිලට එම තරගය ජයගත නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ කර දැමීමට ඉන්දීය වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය පිලට තරගය ජයගත නොහැකි වූයේ වර්ෂාව හේතුවෙන් ඕවර 170 කට වැඩි ප්‍රමාණයක් අපතේ යාමෙනි. අපතේ ගිය තරග කාලය සම්පූර්ණ දින දෙකකට ආසන්නය.


කොල්කටාවේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා කඩුලු 17 ම වේග පන්දු යවන්නන් විසින් බෙදාහදාගනු ලැබුවද පෞද්ගලික හේතු මත බුවනේෂ්වර් කුමාර් දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග වලින් ඉවත්ව සිටී.


මේ වන විට ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දීය පිල ලබන වසර ආරම්භයේදීම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේ නිමාවත් ඉන්දියානුවන්ගේ දකුණු අප්‍රිකානු සංචාරයේ ආරම්භයත් අතර ඇත්තේ සතියකටත් අඩු කාලයකි. දකුණු අප්‍රිකාවේදී තවමත් ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැති ඉන්දීයානු පිල මෙවර තරගාවලියේදී ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.


“මෙම තරගාවලිය අවසන් වුණාට පස්සේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර අපට ඇත්තේ දවස් දෙකක් විතරයි.....ඒ නිසා මේ තරගාවලියේදීම වේගවත් තණතීරු සකස් කරනවා හැරෙන්නට අපට වෙනත් විකල්පයක් නෑ” යයි තමන් හරිත පැහැ තණතීරුවක් ඉල්ලා සිටියේද යන්න කළ විමසීමේදී එය තහවුරු කරමින් විරාට් කෝලි පැවසීය.


“මා හිතන්නේ අපට අපිවම පරීක්‍ෂා කරගන්න මේක හොඳ අවස්ථාවක්. අපි මේ වගේ අමාරු තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕනා” යයිද විරාට් කෝලි පැවසීය. ඔහුගේ අරමුණ වන්නේ දකුණු අප්‍රිකාවේ ඉතාමත් වේගවත් තණතීරු පවතින කේප් ටවුන් සහ ජොහැන්නස්බර්ග් වැනි ක්‍රීඩාංගණ වල පවතින තත්ත්වයන්ට හුරුවීමයි.


“මා කියන්නේ නෑ අද මේ වගේ දෙයක් කළා කියලා එදාට එතැන ගිහින් හැමෝම සාර්ථක වෙයි කියලා. ඒත් ඉනිමකට දෙකකට පස්සේ අපට කිසියම් හුරුපුරුදු බවක් දැනෙනවා නම් ඒක හොඳයි” යයිද කෝලි පැවසීය.


තණතීරුව සම්බන්ධයෙන් විරාට් කෝලි කුමක් කීවද චන්දිමාල් “එය හොඳ තණතීරුවක්” යන මතයේ එල්බගෙන සිටී. ශ්‍රී ලංකා නායකයා සිතමින් ඉන්නේ එවන් තණතීරුවකදී ශ්‍රී ලංකා පිලේ වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා නැතහොත් කවදත් ගැලවුම්කාරයා බවට පත්ව සිටින,  රංගන හේරත්ගේ සේවය වඩාත් හොඳින් ලබාගත හැකි බවයි


“කොල්කාටවේ ඊඞ්න් ගාඞ්න් ක්‍රීඩංගණයේදී අපි තණකොළ හුඟාක් දැක්කා. මෙතැන ඊට වඩා අඩුයි....මේක හොඳ ටෙස්ට් තණතීරුවක් වගේ. ඇරත් ඒක කණ්ඩායමක් වශයෙන් අපටත් අභියෝගයක්” යයි චන්දිමාල් පැවසීය.


කොල්කටා තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ලකුණු 75 කට කඩුලු 7 ක් අහිමි කරගත් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාකරගත හැකිවූයේ මන්දාලෝකය හේතුවෙනි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ රංගන හේරත් (67) තරගයේ ඉනිම දෙකේදීම යැවූයේ ඕවර 8 ක් පමණි. එහෙත් නාග්පූර්හි විදර්බා ක්‍රිකට් සංගම් පිටියේදී රංගන හේරත්ගේ සේවය වඩාත් අවශ්‍යවනු ඇතැයි චන්දිමාල් අපේක්‍ෂා කරයි.


ටෙස්ට් තරගයක් පැවැත්වෙන දින පහක කාලයේදී තණතීරුවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් දඟ පන්දු යවන්නන්ගේ සේවය වඩාත් අවශ්‍ය වන්නේ තරගයේ අවසන් භාගයේදීය. එවන් තත්ත්වයකදී රංගන හේරත්ගේ සහායට ඩිල්රුවන් පෙරේරාත් සිටී. එහෙත් ඉන්දීය දඟ පන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජදේජා යන දෙදෙනාම පිතිකරුවන් වශයෙන් හේරත්ට සහ ඩිල්රුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිති.


තරගය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ.

 

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක සහ රොෂේන් සිල්වා


ඉන්දීය සංචිතය

විරාට් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, චෙටේස්වාර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ෂර්මා, රිදිමන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, කුල්දිප් යාදව්, මොහොමඞ් ෂාමි, උමේෂ් යාදව්, විජේ ශංකර් සහ ඉෂාන්ත් ෂර්මා

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
පාකිස්තානයට කඩුලු 8 ක ජයක්...
2018-09-16 22:00:32
ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...