. එල්ලේ නිලවරණය 30 වැනිදා | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා
එල්ලේ නිලවරණය 30 වැනිදා
2017-11-24 13:59:37 | නාමල් පතිරගේ

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය දෙසැම්බර් 30 වැනිදා පෙරවරු 10ට මීගමුව මහ නගර සභා ශාලාවේදී පැවැත්වේ. එහි පසුගිය (2015-17) ගිණුම් වාර්තා විගණනය ප්‍රමාදවීම නිසා මේ වසරේ මැයි 6 වැනිදාට යොදාගෙන තිබූ නිලවරණය අත්හිටුවීමට සිදුවිය.

වත්මන් සභාපති, හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතානගේ යන මහත්වරුන් මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට නාමයෝජනා භාරදී තිබේ. කෙසේ වුවත් එහි භාණ්ඩාගාරික හා උපභාණ්ඩාගාරික යන ධුර සඳහා කිසිවෙකුත් නාමයෝජනා ඉදිරිපත් කර නැති අතර ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුර සඳහා චන්ද්‍රපාල දඹගොඩ මහතා පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහු ඒ සඳහා නිතරගයෙන් පත්වනු ඇත.

ප්‍රධාන ලේකම් ධුරයට හිටපු ලේකම්වරයකු මෙන්ම කලක් සම්මේලනයේ සභාපති ධුරය ද දැරූ සිරිල් පෙරේරා මහතා හා වජිර ඉන්දික මහතා නාමයෝජනා භාරදී තිබේ. උපසභාපති ධුර දෙකක් සඳහා නාමයෝජනා තුනක්ද උපලේකම් ධුර තුනක් (3) සඳහා නාමයෝජනා හයක්ද, සංවිධායක ධුර සඳහා නාමයෝජනා දෙකක්ද ලැබී තිබේ.

විධායක සභාවේ ධුර 11 ක් ඇත. ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා ගණන 13කි. මෙවර නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ 154 ක් සුදුසුකම් ලබා තිබෙන අතර නිලවරණයේ දී එක් ක්‍රීඩා සමාජයකට එක ‏ඡන්දයක් බැගින් හිමිව තිබේ. එල්ලේ නිලවරණයේදී සභිකයන් තේරීම රහස් ඡන්දයෙන් සිදු කෙරේ.

එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභික සිරිල් පෙරේරා මහතා “ලංකාදීප”ය කළ විමසුමකදී පැවැසුවේ වසර 10 කට පසුව එහි ගිණුම් වාර්තා සඳහා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය හිමිව තිබෙන බවයි.

එම ගිණුම් වාර්තා සඳහා රජයේ විගණකාධිපතිවරයාම අනුමැතිය ලබාදී තිබෙන බවත් පැවැසූ සිරිල් පෙරේරා මහතා ක්‍රීඩා පනතේ නව රෙගුලාසි හමුවේ එල්ලේ සම්මේලනයේ භාණ්ඩාගාරික ධුරයට සුදුස්සෙකු පත්කර ගැනීමේ පවතින ප්‍රායෝගික දුෂ්කරතා ගැන සම්මේලනය ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පැවැසීය.

එමගින් පවතින නීතිරීතිවලින් ලිහිල්ව ඒ සඳහා කෙනෙකු පත්කර ගැනීමට එල්ලේ සම්මේලනය අපේක්ෂා කරයි. වත්මන් සභාපති සරත් කුමාර ගුණරත්න මහතා පිටිපන ශ්‍රී රංග ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද සහන් ප්‍රදීප් මහතා කඩවත ශ්‍රී එක්සත් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද සිය නාමයෝජනා භාරදී තිබේ. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්...
2017-12-04 16:00:45
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළම...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...