. ඔලිම්පික් මහගෙදරට ලිපියක් | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 26 වැනි බ‍්‍රහස්පතින්දා
ඔලිම්පික් මහගෙදරට ලිපියක්
2017-11-27 21:45:29 | නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කඩිනමින් පැවැත්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් 14ක් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියක් යොමු කර තිබේ. ඒ අතරවාරයේදී ජාතික ඔලිම්පික් කමිටුව ලබන දෙසැම්බර් 30 වැනිදා හෝ 31 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මෑතකදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දුන් උපදෙස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික ක්‍රීඩා සංගම් 14ක් එම ලිපිය අන්තර් ජාතික කමිටුවට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ක්‍රීඩා සංගම් සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ මෙවර ජාතික ක්‍රීඩා සංගම් හයකට ජාතික ඔලිම්පික් කමිටුවේ නව සාමාජිකත්වය ප්‍රදානය කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමත් අපේක්‍ෂා කරන බවයි.

ඒ  අතර ජාතික ඔලිම්පික් කමිටුව සඳහා යෝජිත ක්‍රීඩකයන්ගේ කමිටුව සඳහා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනකු නිර්දේශ කිරීමේදී ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගම් වෙතින් නාමයෝජනා කැඳවීමක් කර එම නිර්දේශ කළ යුතු බවය.

ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේදී ඡන්ද බලය හිමිවන ක්‍රීඩකයන්ගේ කමිටුව සඳහා ජාත්‍යන්තර තරග නියෝජනයේ වසර හතරක අත්දැකීම් හෙබි ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ඒ සඳහා නිර්දේශ කළ යුතු බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කර තිබේ.

එම කමිටුව පත්කිරීමෙන් පසු විධායක සභා නියෝජනයේදී එක් ඡන්දයක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව කමිටුවට හිමි වේ.

එහි මහ සභා රැස්වීමක් පසුගිය නොවැම්බර් 9 වැනිදා පැවැති අතර එහිදී තීරණය වූ පරිදි කමිටුවේ විධායක සභා රැස්වීමක් කැඳවීමට යෝජනා විය. එසේ වුවත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව මගින් ලබාදුන් උපදෙස් අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා රැස්වීමක් කැඳවීම අත්හිටුවනු ලැබීය.

මේ අතර ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙහෙයවීමේ කමිටුවේ සංයුතිය වැඩි කරන ලෙස අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දුන් උපදෙස් පරිදි ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත  මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති සුසිල් රණසිංහ යන මහත්වරු යෝජනාවේ තිබුණු බව ද වාර්තා වේ.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සඳහා පත්කිරීම ප්‍රායෝගිකව ගැටලු පැන නැගෙන්නක් බැවින් ඒ පිළිබඳව අදහස පසුව වෙනස් කර ගත් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද...
2018-04-24 21:26:25
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලි...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...