. එක්දින කණ්ඩායමේ නායකත්වය තිසරට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා
එක්දින කණ්ඩායමේ නායකත්වය තිසරට
2017-11-29 16:08:22 | .

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙසැම්බර් 10 වැනිදා ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා හට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව තිසර පෙරේරා මෙම වසර තුළ එක්දින තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ හයවැනි නායකයා බවට පත්වනු ඇත. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර සහ උපුල් තරංග මෙම වසර (2017) තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙයෙවීමේ වගකිම දැරූ සෙසු නායකයෝ වෙති. 

එක්දින තරග 125 කට ක්‍රීඩාකර ඇති තිසර පෙරේරා ලකුණු 1441 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 17.57 කි. මෙතෙක් කඩුලු 133 ක් දවාගෙන ඇති තිසර පෙරේරාගේ හොඳම පන්දු යැවීම වන්නේ  පාකිස්තානයට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගැනීමයි. 

තරග 22 කට නායකත්ව ලබාදුන් උපුල් තරංගට ඉන් ජයගැනීමට හැකිවූයේ තරග 4 ක් පමණක් වන අතර තරග 16 ක් පරාජයට පත්වී තරග 2 ක් විසදුමකින් තොරව අවසන් වී ඇත. 

 

kim2017-11-30 05:31:27
පාකිස්තාන් ගියපු එකට සලකන්න දිපු එකක් මේ. ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැරදිම තීන්දුව. වඩා සුදුසු නායකයා අසේල ගුණරත්න.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්...
2017-12-04 16:00:45
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළම...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...