. ආසියානු තරගාවලියට යති | කෙළිමඬල
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා
ආසියානු තරගාවලියට යති
2017-12-01 18:10:16 | ශානුක අරවින්ද

මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන 3 වැනි ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් දිනාගැනීමට මේ වසරේ (2107) පැවැති ‘ඒඩෙක්ස්’ ක්‍රීඩා උළෙලේදී කැපී පෙනෙන දක්කම් දැක්වූ එන්. ආර්. රහීම් සහ බුද්ධික ලියනගේ සමත්ව සිටිති.

අවුරුදු 13 ත් 16 ත් අතර වයස් කාණ්ඩය යටතේ මෙම තරගාවලියට සහභාගි වන රහීම්, එහිදී මීටර් 100 සමනල ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 100 නිදහස් ආර යන පිහිනුම් ඉසව් සඳහා තරග වැදීමට නියමිතය.

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ඉගෙනුම ලබන රහීම්, තවමත් 13 වැනි වියේ පසුවන අතර පිහිනුම් ක්‍රීඩාවෙන් ආසියානු යොවුන් පැරා ක්‍රීඩා තරගාවලියට සහභාගිවන පළමු තරගකරුවා ලෙසද ඔහු වාර්තා අතරට එක්වේ.

දහඅට හැවිරිදි බුද්ධික ලියනගේ, මීටර් 100 සහ දුර පැනීමේ යන මලල ක්‍රීඩා ඉසව් වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත අතර ඔහු කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ශිෂ්‍යයෙකි.

රහීම්ගේ දකුණු පාදය දණහිසෙන් පහළ කොටසද, බුද්ධිකගේ වම් අතේ වැලමිටෙන් පහළ කොටසද නොමැති අතර ඔවුන් දෙනොම ජායිපූර් ආයතනයේ කෘතිම අත් සහ පාද පළඳින්නෝ වෙති.

මෙම සංචාරයේදී රහීම්ට සහ බුද්ධිකට අනුග්‍රහය දැක්වීම සඳහා කොළඹ අසරණ සරණ සමිතියේ පාලක මණ්ඩලයේ නිහාල් අබේසේකර මහතා, මහාචාර්ය ඒ. එච්. ෂෙරිෆ්ඩීන් මහතා, හෙදර් ද ලැන්රෝල් මහත්මිය, එම්. ජේ. එෆ්. සමාජ සත්කාර ආයතනය සහ ඩී.එස්. සේනානායක විදුහල් ආදි ශිෂ්‍ය මණ්ඩලය ඉදිරිපත්ව සිටිති.

මහාචාර්ය ඒ. එච්. ෂෙරිෆ්ඩීන් මහතා, එන්. ආර්. රහීම්ට සහ බුද්ධික ලියනගේට සුබපතන අයුරු.... කොළඹ අසරණ සරණ සමිතියේ පාලක මණ්ඩලයේ නිහාල් අබේසේකර මහතාද (දකුණේ) ඡායාරූපයේ සිටියි.

ඡායාරූපය : කුෂාන් පතිරාජ


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...