. රාංපූර් රයිඩර්ස් ලකුණු 19 කින් ජය ලබයි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 25 වැනි අගහරුවාදා
රාංපූර් රයිඩර්ස් ලකුණු 19 කින් ජය ලබයි
2017-12-04 20:14:14 | .

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

කුල්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මයිකල් ක්ලිංගර් පන්දු 45 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. නස්මුල් හුසේන් (20) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද ක්ලිංගර් සමත් විය. එහෙත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා කුල්නා කණ්ඩායමට තරගය ජයගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේය.

කුල්නා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට රාංපූර් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී රවී බොපාරා ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් මිතුන් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. රාංපූර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රිස් ගේල් පන්දු 27 කදී ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

මෙම තරගයේදී රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට තිසර පෙරේරා සහ ලසිත් මාලිංග වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කැඳවා සිටි අතර ඔවුන් දෙදෙනාට මෙම තරගයේදී වැඩි යමක් කිරීමට නොහැකි වූහ. කපුගෙදර ලකුණු 2 කට දැවී ගිය අතර ඕවර 4 යැවූ උදානට එහිදී ලකුණු 37 ක් ලබා දෙමින් දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.


රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 147
(ක්‍රිස් ගේල් 38, බ්‍රෙන්ඩන් මැකලම් 15, මොහොමඞ් මිතුන් 50, මෂ්රෆී මොටාසා නොදැවී 15, ජොෆ්රා ආචර් 28/2)

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 128  
(නස්මුල් හක් 20, මයිකල් ක්ලිංගර් 44, ජොෆ්රා ආචර් 19, රවී බොපාරා 4/2)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...