. ක්‍රීඩා ඇමති එක්දින පිල ප්‍රතික්ෂේප කරන හැඩ | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා
ක්‍රීඩා ඇමති එක්දින පිල ප්‍රතික්ෂේප කරන හැඩ
2017-12-05 14:02:59 | .

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. මෙම කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාම පිණිස ඊයේ (4 වැනිදා)  රාත්‍රියේ ගුවන්තොටුපොළ වෙත ගියද ඔවුන් සියලු දෙනාටම ආපසු හැරී සිය නිවෙස් බලා යාමට සිදුවිය. 

ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මෙම ක්‍රීඩකයන් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වීම හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය නිවෙස් කරා යාමට සිදුවී ඇති බව වාර්තාවේ. 

එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම තෝරා ගෙන දින කිහිපයක් ගතවූ නමුත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වෙත එම සංචිතය පිළිබඳ විස්තර ලැබී තිබුණේ ඊයේ (4 වැනිදා) සවස 5.30 න් පසුව බවද වාර්තාවේ. අමාත්‍යවරයාට දන්වා යවා ඇති පරිදි කණ්ඩායම තෝරගනු ලැබ ඇත්තේ මේ මස 1 වැනිදාය. 

ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවන පරිදි තේරීම් කමිටු නිලධාරීන්ගේ නිර්දේශය වී ඇත්තේ ක්‍රීඩකයන් 15 දෙනකු සහ අතිරේක ක්‍රීඩකයන් සිවු දෙනෙකි. එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයාට යැවූ ලිපියේ එක්දින කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගේ නම් ඇතුළත් වී තිබේ. මෙම හේතුව නිසා 1 වැනිදා තෝරා ගන්නා ලද සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් කණ්ඩායමකට අනුමැතිය දෙනු ලබන්නේ කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය කණ්ඩායම සමගින් සාකච්ඡා කිරීමෙන් පසුවය. එහිදී ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ වර්තාද සලකා බැලේ. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්...
2017-12-04 16:00:45
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළම...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...