. චෙරන්තගෙන් නව පිහිනුම් වාර්තා 6 ක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා
චෙරන්තගෙන් නව පිහිනුම් වාර්තා 6 ක්
2017-12-05 22:29:48 | ශානුක අරවින්ද

හත්වැනි සිංගප්පූරු ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලියේදී සිංගප්පූරු ජාතික වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තා 5 ක් බිඳ දමමින් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මෙටර පිහිනුම් ශූර චෙරන්ත ද සිල්වා සමත් විය.

ඔහු මීටර් 50 සමනළ ආර ඉසව්වේ නව සිංගප්පූරු ජාතික වාර්තාවට හිමිකම් කීවේ තත්පර 23.48 ක කාලයකින් එම ඉසව්ව නිමා කරමිනි. තත්පර 23.53 ක කාලයක් වාර්තා කළ ටෙයෝං සෙන් වෙයී මේ වසරේ (2017) නොවැම්බර් මාසයේදී එම ඉසව්වේ පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.

එම තරගාවලියේදී ඉසව් 5 කට සහභාගි වූ චෙරන්ත එම ඉසව් 5 දීම නව ශ්‍රී ලංකා වාර්තා බිහි කිරීමට සමත් වූ අතර ඉන් වාර්තා 4 ක්ම මැතිව් අබේසිංහ විසින් 2015 වසරේදී පිහිටවනු ලැබූ වාර්තා විය. අනෙක් වාර්තාව චෙරන්තගේම වාර්තාවක් වන අතර මෙම තරගාවලියේදී නැවත වරක් එය අලුත් කිරීමට ඔහු සමත් විය.

එහිදී මීටර් 50 සමනළ ආර සහ මීටර් 100 සමනළ ආර ඉසව්ව වලදී රන් පදක්කම් දිනාගත් චෙරන්ත, මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමනළ ආර ඉසව්ව වලදී රිදී පදක්කම්ද, මීටර් 50 නිදහස් ආර ඉසව්වේදී ලෝකඩ පදක්කමක්ද දිනාගනිමින් දස්කම් දැක්වීය.

තවමත් 21 වැනි වියේ පසුවන චෙරන්ත, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. හිටපු පිහිනුම් ශූර ජූලියන් බෝලිං මහතා යටතේ පිහිනුම් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඔහු, 2015 වසරේදී පිහිනුම් ක්‍රීඩාව සදහා එෆ්.අයි.එන්.ඒ. ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා මේ වන විට මිගෙල් ලෝපස් මහතා යටතේ තායිලන්තයේ තාන්‍යපූර් ක්‍රීඩා සංකීර්ණයේදී පුහුණුව ලබයි.

මිගෙල් ලෝපස් මහතා, රියෝ ඔලිම්පික් තරගාවලියේදී (2016) පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් පරාජය කරමින් මීටර් 100 සමනල ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ලාබාල ක්‍රීඩක ජෝසප් ස්කූලිංගේ පුහුණුකරුවාද වේ.

ඉකුත් වසරේ (2016) ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 7 ක් දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමටද චෙරන්ත සමත් වූ අතර ඊට රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඇතුළත් විය.

චෙරන්ත ද සිල්වා පිහිටවූ නව ශ්‍රී ලංකා වාර්තා
■    මීටර් 50 නිදහස් ආර ඉසව්ව - තත්පර 22.55 (පැරණි වාර්තාව මැතිව් අබේසිංහ - තත්පර 22.93)
■    මීටර් 100 නිදහස් ආර ඉසව්ව - තත්පර 49.29 (පැරණි වාර්තාව මැතිව් අබේසිංහ - තත්පර 49.75)
■    මීටර් 50 සමනළ ආර ඉසව්ව - තත්පර 23.48 (පැරණි වාර්තාව මැතිව් අබේසිංහ - තත්පර 24.66)
■    මීටර් 100 සමනළ ආර ඉසව්ව - තත්පර 52.19 (පැරණි වාර්තාව මැතිව් අබේසිංහ - තත්පර 53.69)
■    මීටර් 200 සමනළ ආර ඉසව්ව - විනාඩි 1.57.99 (පැරණි වාර්තාව චෙරන්ත ද සිල්වා - විනාඩි 2:04.22)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්...
2017-12-04 16:00:45
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළම...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...