. ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවත් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවත්
2017-12-06 15:12:47 | .

මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 3 වැනි ආසියානු යොවුන් පැරා තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (08 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ප්‍රදීප් සෝමසිරි, යෝෂිත ප්‍රභාත්, ඒ.එල්. ලියනගේ, නාසර් මොහොමඞ්, අයේෂා දමයන්ති, රසාංජලී අනුපමා, නිරෝෂා දිල්හානි සහ නවීඞ් රහීම් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා  කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ආසියානු රටවල් 40 ක වයස අවුරුදු 20 ට අඩු විවිධ ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ මෙවර තරගාවලියට සහභාගිවන අතර එහිදී ශ්‍රී ලංකාව මළල ක්‍රීඩා හා පිහිනුම් යන ඉසව් දෙක සඳහා තරග වදිනු ඇත.

ඉසව් 10 කින් සමන්විත මෙවර තරගාවලියේදී පැවැත්වෙන සෙසු ඉසව් වන්නේ බොක්සියා, ගෝල් බෝල්, දුනු ශිල්පය, චෙස්, බැඞ්මින්ටන්, 10 පින් බෝලිං, මේසපන්දු සහ සවි එසවීමයි.

ඔවුන් අතරින් යෝෂිත ප්‍රභාත් (ටී.54 කාණ්ඩය) 2013 වසරේ මැලේසියාවේදී පැවැති 2 වැනි ආසියානු යොවුන් පැරා තරගාවලියේදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම සහ මීටර් 100 දිවීමෙන් ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු ලෙස ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් ධනංජය අළුදෙනිය, මලල ක්‍රීඩා භාර හා කාන්තා කළමණාකාරිය ලෙස ජාතික පැරාලිම්පික් කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිළධාරිණී නාලිනී රණසිංහ, මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ජී.ඩී.නෙල්සන් මහතා සහ පිහිණුම් පුහුණුකරු ලෙස එල්.වී. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද  මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම කණ්ඩායම සඳහා පූර්ණ අනුග්‍රහය ක්‍රීඩා අමාත්‍යාංශය වෙතිනි.


ශ්‍රී ලංකා යොවුන් පැරා කණ්ඩායම

ප්‍රදීප් සෝමසිරි (ටී.46 කාණ්ඩය මීටර් 200 සහ මීටර් 400)
යෝෂිත ප්‍රභාත් (ටී.54 කාණ්ඩය හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම, මීටර් 100)
ඒ.එල්. ලියනගේ (ටී.46 කාණ්ඩය මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම)
නාසර් මොහොමඞ් (ටී.20 කාණ්ඩය මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම)
අයේෂා දමයන්ති (ටී.42 කාණ්ඩය යගුලිය දැමීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම)
රසාංජලී අනුපමා (එම්.ආර්.අයි. කාණ්ඩය මීටර් 400, මීටර් 1500 සහ දුර පැනීම)
නිරෝෂා දිල්හානි (අඟල් 25 කාණ්ඩය මීටර් 100, කවපෙත්ත විසිකිරීම, යගුලිය දැමීම)
නවීඞ් රහීම් (එස්.44 කාණ්ඩය මීටර් 100 නිදහස් ආර, සමනළ ආර සහ පසුපස ආර පිහිනුම්)

 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...