. මසල්මේනියා තරගාවලියට 70 ක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
මසල්මේනියා තරගාවලියට 70 ක්
2017-12-07 19:03:11 | නාමල් පතිරගේ


බර පංතීන්ගෙන් තොරව විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කෙරෙන ‘මසල් මේනියා’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය මෙම 14 සහ 15 දිනවල කැලණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී සහ කැලණියේ සිරිල් මැතිව් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ සඳහා මේ වනවිටත් දිවයිනේ නමගිය අයෝමය ශූරයන් ඇතුළුව තරගකරුවෝ 70කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බව තරග සංවිධායකයෝ පවසති.

මෙම කායවර්ධන තරගාවලියේ විශේෂත්වය වන්නේ බර පංතීන්ගෙන් බැහැරව විවෘත සංදර්ශනාත්මක  තරගාවලියක් ලෙස එය සංවිධානය  කිරීමයි.

ආයෝමය ශූරයා තේරීමේ තරගාවලියකදී ජයග්‍රාහකයන්ට වැඩිම ත්‍යාග මුදලක් ප්‍රදානය කරන මෙහි අයෝමය ශූරයා කිරුළ පළඳින ක්‍රීඩකයාට රුපියල් 150,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂයක්ද හා තෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක්ද ප්‍රදානය කෙරේ.

අවසන් වටය සඳහා තරගකරුවන් 20 දෙනකු තෝරා ගන්නා අතර එහිදී අවසානයට ක්‍රීඩකයන් තිදෙනකු නිර්දේශ කර එයින් ‘මසල් - මේනියා’ අයෝමය ශූරයා තෝරාගැනීමට නියමිතය. අවසන් වටයට තේරෙන තරගකරුවන් 20 දෙනාටම රුපියල් 50,000 සිට 5000 දක්වා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන අසියානු කායවර්ධන සම්මේලනයේ වත්මන් විධායක නිලධාරි, කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම් කපිල කුමාර මහතා මෙම තරගාවලිය සංවිධානය කරයි. ඒ සඳහා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය හිමිවේ.

මෙම 14 වැනිදා පස්වරු 2.00 ට කැලණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණ ශ්‍රවනාගාරයේදි මසල් මේනියා තරගාවලියේ මූලික වටය පැවැත්වේ. අවසන් තරගය මෙම 15 වැනිදා පස්වරු 6.00 ට කැලණිය, සිරිල් මැතිව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...