. ලෝක ශූරතාවලියට යන ලූෂන්ට කායවර්ධන සම්මේලනයේ විරෝධය | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 11 වැනි සඳුදා
ලෝක ශූරතාවලියට යන ලූෂන්ට කායවර්ධන සම්මේලනයේ විරෝධය
2017-12-07 19:22:10 | නාමල් පතිරගේ

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී සෙනසුරාදා (9) පැවැත්වෙන ලෝක අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් සහභාගිවීම නීති විරෝධී බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසයි. කොරියාවේදී පසුගිය අගෝස්තු මාසයේදී ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනය සංවිධානය කළ ලෝක අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ්ගේ එම ජයග්‍රහණයද ශ්‍රී ලංකාව පිළිගත් ජයග්‍රාහකයන් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය එම අවස්ථාවේදී ප්‍රකාශකර සිටියේය.

බොරැල්ල “ඔටර්ස්” ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැති කායවර්ධන සම්මේලනයේ මාධ්‍ය හමුවකදී එහි සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා ප්‍රකාශ කළේ ලූෂන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත්වලින් බැහැරව කටයුතු කර තිබෙන බැවින් ඔහු රට නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයට නිල වශයෙන් පිළිගැනීමට හැකියාවක් නැති බවයි. එහෙත් ඔහු ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පිළිවෙත්වලට එකඟ වන්නේ නම් මීට පෙර අවස්ථාවලදී මෙන්ම ඔහුට ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීම ලබාදීමට කායවර්ධන සම්මේලනය සූදානම් බව ද මාධ්‍ය හමුවේදී වීරතුංග මහතා අවධාරණය කර සිටියේය.

මේ අතර ඇන්ටන් පුෂ්පරාජ්ගේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයට බාධා නොකළ යුතු බවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ප්‍රධානීන්ට පවසා ඇතැයිද වාර්තා වේ. එසේ වුවත් ඇමැතිවරයාගේ එම ප්‍රකාශය ගැන එහි ප්‍රධානීන්ගේ අදහස වන්නේ එය වැරැදි පූර්වාදර්ශයක් සපයන ප්‍රකාශයක් බවයි.

ශ්‍රී ලංකා නාමය යොදා ගනිමින් නීති විරෝධි යයි හැඟෙන ජාත්‍යන්තර තරග නියෝජනයක් සිදුවන අවස්ථාවක් වෙතොත් එය වැළැක්වීම හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම අදාළ ජාතික ක්‍රීඩා සංගමයේ වගකීමක් වන බැවින් ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් කොරියානු තරගාවලියට සහභාගිවීම හා ඔහුගේ පදක්කම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය තවදුරටත් ප්‍රතික්ෂේප කර සිටින බව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පවසයි.

මේ අතර නීති විරෝධීව ජාත්‍යන්තර තරගයකට සහභාගි වූ ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් එම ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මුණ ගැසීම ගැනද කායවර්ධන සම්මේලනය කණස්සල්ල පළකර සිටියේය. එහි ප්‍රධානීන් පෙරේදා (6) පැවැති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සම්මේලනයේ ප්‍රධානීන්ට පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ ක්‍රීඩා ඇමැතිවරයා මුණ ගැසීමට දැරූ උත්සාහය අසාර්ථකවීම ගැන කණගාටුවන බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ හමුවකදී කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමුකර සිටි බව ද වාර්තා වේ.

ඉදිරියේදී තමන් හමුවීම සඳහා දිනයක් ලබා දෙන බව කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයාට ප්‍රකාශකර ඇති ක්‍රීඩා ඇමැතිවරයා සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා අතර පසුගිය කාලයේ ඇතිවූ බව කියන මතභේද හේතුවෙන් සම්මේලනය අරාජික තත්ත්වයකට පත්වීම නිසා තමන් එහි ප්‍රධානීන් මුණ ගැසීමට උනන්දු නොවූ බවද පවසා තිබේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්...
2017-12-04 16:00:45
ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළම...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...