. ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
2017-12-10 11:50:11 | .
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. මෙම තරගාවලියට පෙර පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්වි සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග ජයත් සමගින් පරාජයන් මාලාවකට තිත තැබීමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20.4 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් සහ නිරෝෂන් දික්වැල් ලකුණු 26 ක් ලබාගනිමින් සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 49 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.
 
වේගවත් පිතිහරඹයක නිරතවූ උපුල් තරංග අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටියදී දවාගැනීමට හර්දික් පාණ්ඩ්‍යා සමත්විය. ස්ලිප්හි පන්දු රකිමින් සිටියදි ලබාදුන් උඩපන්දුව එකවර අල්ලා නොගත් ශිකර් ධවාන් දෙවැනි වර තනි අතින් අල්ලා ගැනීමත් සමගින් තරංගගේ ඉනිම අවසන්විය. 
 
ලකුණු 11 ක් ලබාසිටියදි ජස්ප්‍රීට් බුම්රා යැවූ පන්දුවකට ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඩිනේෂ් කාර්තික් හට උඩපන්දුවක් ලබාදුන්නද තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් උපුල් තරංගට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවිය.
 
පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලකත් (1) දෙවැනි කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්නත් (0) දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ඇති කිරීමට ඉන්දිය වේගපන්දු යවන්නන් වන ජස්ප්‍රීට් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් සමත්වූහ.
 
සුරංග ලක්මාල්ගේ (13/4) විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඉන්දිය කණ්ඩායමට ඕවර 38.2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112 ක් පමණි. 
 
ලකුණු 29 කට කඩුලු 7 ක් දැවී තිබියදී ලකුණු 112 ක් දක්වා ඉදිරියට තම කණ්ඩායම රැගෙන යමින් ඉන්දිය කණ්ඩායමට බලාපොරොත්තුවක් ඇති කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත්විය.
 
ලකුණු ලබාගගැනීමේ වේගය වැඩි කිරීමට උත්සහ කිරීමේදී අවසන් කඩුල්ල ලෙස දෝනි දැවීයන විට ලකුණු 65 ක් රැස්කර සිටියේය. පන්දු 87 කදී වාර්තාවූ දෝනිගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
 
2017 වසර තුළඳී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග 7 කට සහභාගීවි ඇති මහේන්ද්‍ර සිං දෝනි අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 351 ක් (63, නොදැවී 45, නොදැවී 67, නොදැවී 49, නොදැවී 1, නොදැවී 61, 65) රැස්කරගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 175.5 කි. 
 
මහේන්ද්‍ර සිං දෝනි සමගින් එක්ව අටවැනි කඩුල්ල සදහා පන්දු 53 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉන්දිය ඉනිම ගොඩනැගීමට කුල්දීප් යාදව් සමත්විය. අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව කුල්දීප් යාදව් දැවීයන විට ලකුණු 19 ක් රැස්කර සිටියේය.
 
ඕවර 20 ක් අවසානයේ ලකුණු 29 කට කඩුලු 7 ක් දැවී අසීරු අඩියක සිටි ඉන්දිය පිතිකරුවෝ ඕවර 25 ක් අවසන් වනවිට ලකුණු 69 ක් දක්වා තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වැඩිකර ගැනීමට සමත්වූහ. 21 වැනි ඕවරයේදී පන්දු යැවීම ආරම්භ කළ තිසර පෙරේරාගෙන් ඕවර 3 කදී ලකුණු 21 ක්ද නුවන් ප්‍රදිප් යැවු ඕවර 2 කදී ලකුණු 19 ක්ද උදුරාගැනීමට දෝනි සහ යාදව් සමත්වූහ.
 
තවත් ලකුණක් ඉන්දිය කණ්ඩායමට එක්වන විට හත්වැනි කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දවාගත් සුරංග ලක්මාල් තම එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. තරගය ආරම්භයේ සිට පන්දු යැවූ සුරංග ලක්මාල් පිට පිට ඕවර දහයම යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් අතර ඊට නිලකුණු ඕවර 4 ක්ද ඇතුළත් විය.
 
හයවැනි කඩුල්ල සදහා මහේන්ද්‍ර සිං දෝනි සමගින් එක්වූ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු ලබාගැනීම වේගවත් කිරීමට උත්සහ කරමින් සිටියේය. නමුත් නුවන් ප්‍රදීප් එවන ලද පන්දුවක් නිදැල්ලේ යෑවීමට උත්සහ කළද පිත්තේ වැදුණු පන්දුව ස්ලිප්හී පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් රැකගැනීමත් සමගින් ලකුණු 10 ක් ලබාසිටි හර්දික් පාණ්ඩ්‍යාගේ ඉනිම අවසන්විය.
 
ඉන්දිය ලකුණු පුවරුව ලකුණු 16 ක් වනවිට සිවුවැනි සහ පස්වැනි කඩුලු ලෙස මනිෂ් පාන්ඬේ (2) සහ ශ්‍රියාස් අයියර් (9) පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් සමත්වූහ.
 
ලකුණු ලබාගැනීමට ප්‍රථම තෙවැනි කඩුල්ල ලෙස ඩිනේෂ් කාර්තික් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය. දැවී යාමෙන් පසු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යාමට පෙර ශ්‍රියාස් අයියර්ගෙන් අදහස් වීමසිමක් ඩිනේෂ් කාර්තික් විසින් සිදුකළද කාළය ඉක්මවී තිබීම හේතුවෙන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යාමට ඔහුට අවස්ථාව හිමි නොවීය. ඩිනේෂ් කාර්තික් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 8 ක් විය.
 
ඉන්දිය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දෙකක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස නායක රෝහිත් ශර්මා දවාගැනීමට සුරංග ලක්මාල් සමත් වූයේය. සුරංග ලක්මාල් එවන ලද පන්දුව රෝහිත් ශර්මාගේ පිත්තේ වැදුණු බවට නිරෝෂන් දික්වැල්ල විසින් දැඩි ඉල්ලීමක් සිදුකළද ප්‍රධාන විනිසුරු විසින් එවරද එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. එවරද එම තීරණය සමගින් එකඟ නොවූ තිසර පෙරේරා දෙවැනි වරටද විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.
 
පුනරූපණ නැරඹීමේදී පන්දුව යන්තමින් පිත්තේ වැදී කඩුලු රකින්නා වෙත ඇදී යන බවට තීරණය කළ තෙවැනි විනිසුරු විසින් රෝහිත් ශර්මා දැවී ගිය බවට දැනුම් දුන්නේය.
 
ලකුණු ලබාගනීමට ප්‍රථම ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ශිකර් ධවාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පන්දු රකින්නන් ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු එය ප්‍රතික්‍ෂේප කළේය.
 
එම තීරණය සම්බන්ධයෙන් සැහිමකට පත්නොවූ නායක තිසර පෙරේරා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුනරූපණ නැරඹූ තෙවැනි විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණය ඉවත දමමින් ශිකර් ධවාන් දැවී ගිය බවට දැනුම් දුන්නේය.
 
“තණතීරුව පන්දුවට පහරදීම සදහා වඩාත් යෝග්‍ය බැවින් ලකුණු හඹායෑමට තීරණය කළ බව” කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පැවසීය.
 
“කාසියේ වාසිය ජයග්‍රහණය කළද පන්දුවට පහරදීමට සිටි බව ඉන්දිය නායක රෝහිත් ශර්මා පැවසීය. ඉර හොඳින් පායා ඇති බැවින් වේගපන්දු යවන්නන් සදහා ඉතාමත් යෝග්‍ය බවද ඉන්දියා කණ්ඩායමේ නායකයා බවට පත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් එය අභියෝගයක් බවද වැඩිදුරටත් බැවසීය.
 
ආබාධයන්ට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර ටෙස්ට් තරගාවලියේදී ආසාර්ථක පිතිහරඹයක නිරතවූ ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇත. අද තරගයේදී ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත.
 
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...