. හොං කොං පිලට දැවැන්ත ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
හොං කොං පිලට දැවැන්ත ජයක්
2017-12-10 18:29:16 | මොහාන් ප්‍රනාන්දු

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 37-8 ක දැවැන්ත ජයක් අත්කරගැනීමට සංචාරක හොංකොං පිල සමත් විය.

කොළඹ තුරඟ තරග පිටියේදී අද පැවැති මේ තරගයේ පළමු භාගය අවසන් වනවිට ලකුණු 22-3 කින් පෙරමුණ ගත් හොංකොං පිල උත්සාහක දිනුම් 7 ක් තැබීමට සමත්වූ අතර ඉන් එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරගත්තේය. ශ්‍රී ලංකා පිල රැස් කරනු ලැබුවේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

තරගයේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී තරග රටාවක නිරතවූ හොංකොං පිල පළමු භාගයේදී උත්සාහක දිනුම් 3 ක් තැබීමට සමත්වූ අතර එහිදී ශ්‍රී ලංකා පිල රැස් කළේ දඬුවම් පහරක් පමණි. දෙවැනි අදියරේ ශ්‍රී ලංකා පිල දැඩි පීඩනයට හසු කළ හොං කොං ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් 4 ක් තබද්දී ශ්‍රී ලංකා පිල තැබූවේ එක් උත්සාහක දිනුමක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම තීක්ෂණ දිසානායක තැබූ අතර දඬුවම් පහර එල්ල කරනු ලැබුවේ චතුර සෙනෙවිරත්න විසිනි.

වසර 2018 අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තෝරාගන්නා මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහ හොංකොං පිල අතර දෙවැනි අදියරේ තරගය ලබන 17 වැනිදා හොංකොං හී පැවැත්වීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...