. ජනාධිපති රන් කුසලාන අවසන් තරග 18 දා | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
ජනාධිපති රන් කුසලාන අවසන් තරග 18 දා
2017-12-11 16:57:02 | සුසිල් ප්‍රේමලාල්
ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මෙම දෙසැම්බර් 18 දා පෙ.ව 8.30 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වොලිබෝල් කණ්ඩායම් 4000 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් පැවති අතර විවෘත පිරිමි - කාන්තා සහ වයස අවු 22න් පහළ (ආධුනික) පිරිමි සහ කාන්තා වශයෙන් තරගාවලිය පැවැත්විණ.
 
ගතවූ සති අන්තයේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී මෙම තරගාවලියේ ජාතික මට්ටමේ (දිස්ත්‍රික් මට්ටමින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර) තරගාවලිය පැවති අතර ඒ සඳහා කණ්ඩායම් 100ක් සහභාගී වූහ.
 
විවෘත පිරිමි අවසන් තරගය සඳහා නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායම සුදුසුකම් ලබාසිටී. එම කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජ සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයයි.
 
මෙම තරගාවලියට සමගාමීව පැවති ආධුනික (වයස අවු 22න් පහළ) තරගාවලියේ පිරිමි අංශයෙන් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ අතර කාන්තා අවසන් තරගය සඳහා කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයත් ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජයත් සුදුසුකම් ලබා සිටිති.
 
විවෘත පිරිමි සහ කාන්තා අංශයේ ජයග්‍රාහක කණ්ඩායම් සඳහා මුදලින් රු. 150,000 බැඟින් ද, අනුශූරයන්ට රු. 100,000 බැඟින්ද 3 වැනි ස්ථාන සඳහා රු. 50,000 බැඟින්ද පිරිනැමෙනු ඇත.
 
මුදලින් රු. 100,000 බැඟින් ආධුනික අංශයේ පිරිමි හා කාන්තා ජයග්‍රාහක කණ්ඩායම් දෙකට පිරිනැමෙන අතර අනුශූර කණ්ඩායම් දෙකට රු. 75,000 බැඟින් සහ තුන් වැනි ස්ථාන සඳහා රු.50,000 බැඟින්ද පිරිනැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විධි විධාන යොදා ඇත.
 
තරගාවලියේ අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය පෙ.ව මෙම 18 දා ප.ව 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
 
අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්
 
වයස අවු 22න් පහළ කාන්තා අවසන් තරගය
කුරුණෑගල කැෂුවලයින් ක්‍රී.ස සහ ගලිගමුව සිරි පැරකුම් ක්‍රී.ස අතර තරග පෙ.ව 8.30ට
 
වයස අවු 22න් පහළ පිරිමි අවසන් තරගය
හුංගම විජයබා ක්‍රී.ස සහ හලාවත ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය පෙ.ව 10.30ට
 
විවෘත කාන්තා අවසන් තරගය
සියඹලාගොඩ කපිල ක්‍රී.ස සහ කොස්වාඩිය විජය ක්‍රී.ස අතර තරග ප.ව 1.00ට 
 
විවෘත පිරිමි අවසන් තරගය
නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රී.ස සහ කටාන ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය ප.ව 3.00ට

22 න් පහළ පිරිමි විජයබා ක්‍රී. ස - හුංගම

22 න් පහළ පිරිමි හලාවත ඒකාබද්ධ ක්‍රී. ස - හලාවත

  22න් පහළ කාන්තා කැෂුවලයින් ක්‍රී.ස - කුරුණෑගල

 22න් පහළ කාන්තා සිරි පැරකුම් ක්‍රී.ස - ගලිගමුව

විවෘත පිරිමි  ඒකාබද්ධ ක්‍රී.ස - කටාන

විවෘත පිරිමි  යුනයිටඞ් ක්‍රී.ස - නාත්තණ්ඩිය

විවෘත කාන්තා කපිල ක්‍රී.ස  - සියඹලාගොඩ

විවෘත කාන්තා විජය ක්‍රී.ස - කොස්වාඩිය

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...