. යොවුන් රග්බි පිලට ඛේදජනක පරාජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
යොවුන් රග්බි පිලට ඛේදජනක පරාජයක්
2017-12-17 18:25:11 | .

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී හොං කොං පිල හමුවේ ලකුණු 40-7 ක පරාජයක් අත්විඳගැනීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලට සිදුවිය. මෙම තරගය ඊයේ (16 වැනිදා) හොං කොං හිදී පැවැත්විණ.

තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිල දැඩි පීඩනයකට ඇද දැමූ හොංකොං යෞවනයෝ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-7 කින් පෙරමුණ ගැනීමට සමත්වූහ. හෙං කොං පිල සමස්ත තරගයේදී  ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් තැබුවේය. ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ගෝලයක් පමණි.

චමෝද් ප්‍රනාන්දු තැබූ උත්සාහක දිනුමක් රැන්ඩි සිල්වා විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ තරගයේ පළමු භාගයේදීය.

මෙහි පළමු අදියරේ තරගය පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අතර එහිදී ලකුණු 37-8 ක ජයක් වාර්තා කරනු ලැබුවේ ද හොංකොං පිල විසිනි. සමස්ත තරගයේදී ලකුණු 77-15 ක ජයක් වාර්තා කිරීමට හොං කොං පිල සමත් වූයේය.

ඒ අනුව අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් හොංකොං පිල ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට බවට පත්විය. ඊට පෙර ජපානයද එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබ සිටියේය.


- 077

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...