. ආසියානු තරගාවලියක සත්කාරය සොයයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා
ආසියානු තරගාවලියක සත්කාරය සොයයි
2017-12-21 22:05:14 | නාමල් පතිරගේ

ආසියානු වොලිබෝල් සමුළුවට පළමු වතාවට හඳුන්වා දෙන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) තරගාවලියේ සත්කාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බව වාර්තාවේ. එම තරගාවලිය ලබන සැප්තැම්බර් 15 සිට 22 දක්වා පැවැත්වීමට ආසියානු වොලිබෝල් සමුළුව දැනට සැලසුම් කර තිබේ.


රටවල් අටක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරය බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර මූලික  සාකච්චාවක් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණහොත් වසර 101ක් පිරෙන ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව සත්කාරය දරන පළමු අවස්ථාව එය වනු ඇත.


ශ්‍රී ලංකාව අවසන් වරට 2012 ආසියානු යොවුන් පිරිමි (කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් තරගාවලිය කොළඹදී සංවිධානය කරමින් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අවසන් වරට සත්කාරය දරා තිබේ.


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව  සත්කාරය දරන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 60 ක පමණ වියදමක් දැරීමට සිදුවන බවයි. එයින් රුපියල් මිලියන 15 ක පමණ මුදලක් තරගාවලියට සහභාගි වන රටවල සහභාගිවීමේ ගාස්තු ලෙස අය කර ගැනීමේ අවස්ථාව සත්කාරක රටට හිමිවේ.


මෙවර පළමු වතාවට පැවැත්වෙන ආසියානු අභියෝග ශුරතා තරගාවලියේ විශේෂත්වය වන්නේ මෙතෙක් පැවැති ආසියානු ශූරතාවලියට  සහභාගි කරගත් රටවල් 16 න් අවසන් ස්ථානවලට පැමිණි රටවල් එයින් ඉවත් කර ඔවුන් සඳහා මෙසේ පළමු වතාවට වෙනම අභියෝග ශූරතා නමින් නව තරගාවලියක් හඳුන්වාදීමය.


ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා මෙතෙක් ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 16ක් බැගින් සහභාගි කර ගත්තේය.


ආසියානු වොලිබෝල් සමුළුව හඳුන්වාදී තිබෙන පරිදි මින් ඉදිරියට ශූරතාවලියට සහභාගි කර ගන්නා රටවල් අටෙන් අවසන් ස්ථානයට පැමිණෙන රටවල් දෙකත් අනතුරුව ආසියානු අභියෝග ශූරතාවලියට ඇතුළත් කර ගන්නා අතර  එම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන රටවල් දෙක ඊළඟට යෙදෙන ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබයි.


මෙම නව තරග ක්‍රමය යටතේ මේ වනවිට ආසියාවේ 14 වැනි ස්ථානයේ (පිරිමි) පසුවන ශ්‍රී ලංකාවට අභියෝග ශූරතා තරගාවලියේ ශූරතාව හෝ අනුශුරතාව ලබා ගත හැකිවීමෙන් ශ්‍රේණිගත පළමු  රටවල් අට අතරට පත්වීමේ අවස්ථාව උදාවන බව නාලක මහතා පවසයි.


කොළඹදී පැවැති ජාතික වොලිබෝල් සමුළුවේදී සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව දැනට ශ්‍රේණිගත කිරීම් අනුව සිටින 14 වන ස්ථානයේ අවම 9 හෝ 10 යන ස්ථාන දෙකෙන් එකකට ඒමට  අපේක්ෂාවෙන් පසුවේ.


ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) පුහුණු සංචිතයේ සේවය සඳහා ලබන ජනවාරියේ සිට සර්බියානු පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ.


ඉහළම සුදුසුකම් සහිත මෙම සර්බියානු අන්තර් ජාතික වොලිබෝල් පුහුණුකරුගේ සේවය සඳහා විශාල පිරිවැයක් දැරෙනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තවේ.


එළඹෙන වසරේ ශ්‍රී ලංකාවට යෙදී තිබෙන අන්තර් ජාතික වොලිබෝල් තරග මාලා සඳහා ඉලක්ක කරමින්  කැඳවන ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පුහුණු සංචිත මාලාවන් ආරම්භ කරමින් ඒ සඳහා දේශීය පුහුණුකරුවන් රැසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමටද වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...