. ශූරයා - රවිඳු : ශූරිය - මිහිලියා | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
ශූරයා - රවිඳු : ශූරිය - මිහිලියා
2017-12-25 13:20:20 | ශානුක අරවින්ද

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැති 37 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණිද සමත් වූහ. 

අවසන් මහ තරගයේදී ඉතා තියුණ සටනකින් අනතුරුව වට 3-1 ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය. රවිඳු ලක්සිරි පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත්වූ පස්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2013, 2014, 2015 සහ 2016 යන වසර වලදීද ජාතික ස්කොෂ් ශූරයා බවට පත්ව තිබේ. 

අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස දෘවින්ක පෙරේරා පරාජය කරමින් රවිඳු ලක්සිරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශමිල් වකීල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 3-0 ක් ලෙස සමන් තිලකරත්න පරාජය කරමිනි. 

මිහිලියා මෙත්සරණි විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී තරග වට 3-0 ලෙස බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ෆතූම් ඉසඩීන් පරාජය කරමිනි. මිහිලියා මෙත්සරණි ජාතික ස්කොෂ් ශූරිය ලෙස සම්මාන දිනූ 5 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඇය 2012, 2013, 2014 සහ 2016 යන වසර වලදීද ජාතික ශූරතාව දිනාගෙන තිබේ. 

අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස කසුනි ගුණවර්ධන පරාජය කරමින් මිහිලියා මෙත්සරණි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ෆතූම් ඉසඩීන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 3-1 ක් ලෙස වසුන්දරා සුවාරිස් පරාජය කරමිනි. 

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර තරගාවලියේ ශූරයාට සහ ශූරියට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ. 

තරග ප්‍රතිඵල 

පිරිමි අවසන් මහ තරගය 
රවිඳු ලක්සිරි (ගුවන් හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස ශමිල් වකීල් (ඩී. එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/01, 11/05, 11/03) 

කාන්තා අවසන් මහ තරගය 
මිහිලියා මෙත්සරණි (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ෆතූම් ඉසඩීන් (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/06, 11/06, 11/10) 
 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...