. ශූරයා - චතුරංග : ශූරිය - අමාධි | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
ශූරයා - චතුරංග : ශූරිය - අමාධි
2017-12-29 20:09:54 | .

නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ප්ලේග්‍රවුන්ඞ් ක්‍රීඩා සමාජයේ ලලිඳු චතුරංගද, විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ මියුසියස් විදුහලේ අමාධි සේයාද සමත් වූහ.

අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස මීගමුව ලොයොලා විදුහලේ සිතුම් නිරංග පරාජය කරමින් ලලිඳු චතුරංග විවෘත පිරිමි ශූරතාව දිනාගත් අතර ආමාධි සේයා විවෘත කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 2-0 කින් කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ෆාත්මා දීමා අලී පරාජය කරමිනි.

කොළඹ ආනන්ද විදුහලේ චනූප ගුණසේන පරාජය කරමින් කොළඹ රාජකීය විදුහලේ ලසෙන් ගිත්මල් වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගත්තේය. කළුතර සිරි කුරුස විදුහලේ නෙත්මි හෙට්ටිආරච්චි වයස 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගතතේ කොළඹ කාන්තා විදුහලේ ඉරිනි දේවචන්ද්‍ර පරාජය කරමිනි.

මෙම තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතා සහභාගි විය.


බාලක තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
සෙතික් දින්සර (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඉෂාන් ෆලීල් (කොළඹ වෙස්ලි විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/09)

■    වයස 10 න් පහළ
දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (05/11, 11/06, 11/08)

■    වයස 12 න් පහළ
විනුක ගුණවර්ධන (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මහිත් ජයසුමන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (21/19, 09/11, 11/07)

■    වයස 15 න් පහළ
මහිත් ජයසුමන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස සිතුම් නිරංග (මීගමුව ලොයොලා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/08, 11/06, 11/07)

■    වයස 18 න් පහළ
ලසෙන් ගිත්මල් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චනූප ගුණසේන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/09, 15/13)


බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
මෙනුජි වීරසිංහ (කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අනුමි යටිගම්මන (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/03)

■    වයස 10 න් පහළ
ෆාත්මා දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස මිෂාන්ති පාදෙණිය (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/03)

■    වයස 12 න් පහළ
සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ෆාත්මා දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (05/11, 11/08, 12/10)

■    වයස 15 න් පහළ
දිලිනි තෙසන්‍යා (කොළඹ දේවි බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පිනිදි ජයසිංහ (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/05, 12/10)

■    වයස 18 න් පහළ
නෙත්මි හෙට්ටිආරච්චි (කළුතර සිරි කුරුස විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඉරිනි දේවචන්ද්‍ර (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/07, 11/09)


විවෘත තරග ප්‍රතිඵල

■    විවෘත පිරිමි
ලලිඳු චතුරංග (ප්ලේග්‍රවුන්ඞ් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 3-1 ක් ලෙස සිතුම් නිරංග (මීගමුව ලොයොලා විදුහල) පරාජය කරන ලදි. (12/07, 11/02, 06/11, 11/09)

■    විවෘත කාන්තා
ආමාධි සේයා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ෆාත්මා දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/09, 11/08)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...