. ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය හෙට සිට | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය හෙට සිට
2017-12-29 20:59:51 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 28 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය හෙට (30 වැනිදා) සිට ජනවාරි මස 7 වැනිදා දක්වා රත්මලාන ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී ප්‍රධාන වශයෙන් අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා තරග පැවැත්වෙන අතර අවුරුදු 11 න් පහළ, 15 න් පහළ, සහ 19 න් පහළ යන වයස් කාණ්ඩවල අධුනික තරගකරුවන් සඳහා වෙනමමද තරග පැවැත්වේ.

තරගාවලියේ ප්‍රධානතම වයස් කාණ්ඩය වන 19 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් මහ තරග ජනවාරි මස 7 වැනිදා පස්වරු 4.00 සිට පැවැත්වෙන අතර ඉන් අනතුරුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 262 ක් ලියාපදිංචි වී සිටින අතර සෑම වයස් කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත්, කුසලාන සහ සැනසිලි ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී වයස 19 න් පහළ බාලක ශූරතාව දිනාගනිමින් ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත්වීමට කොළඹ ඩී.එස්. විදුහලේ ශමිල් වකීල් සමත් වූ අතර 19 න් පහළ බාලිකා ශූරතාව දිනාගනිමින් ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණි සමත් වූවාය.
මංචි සමාගමේ අනුග්‍රහයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...