. නාවික හමුදාවට තියුණු ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 15 වැනි සඳුදා
නාවික හමුදාවට තියුණු ජයක්
2017-12-31 11:42:32 | .

පරාජයේ වාඩුව ඒ අයුරින්ම පිරිමසා ගත් නාවික හමුදා කණ්ඩායම අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පළමු තරගයෙන් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 27-24ක තියුණු ජයක් අත්කර ගත්තේය. 

පළමු වටයේ සිය අවසන් තරගයේදී සී.එච්. පිල වෙතින් නැවියන් පරාජයට පත්වූයේ ද ලකුණු 27-24 කින් වීම විශේෂත්වයකි. එම පරාජය නිසාම නැවියන්ට එතෙක් රැඳී සිටි ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනත් අහිමිවී ගියේය.

ඒ කාරණා දෙකම සිතෙහි තැන්පත් කරගෙන වැලිසර සිය බලකොටුවේදී නැවියන් මේ අධිෂ්ඨානශීලී ජයග්‍රහණය ලැබුවේ සී.එච්.පිලේ ක්‍රීඩකයන් හමුවේ මහත් පරිශ්‍රමයකින් යුතුවය.

නැවියන්ගේ පැරැණි සාමාජිකයන් රොත්තක්ම සිටින සී.එච්.පිල ආරම්භයේ සිටම නැවියන්ගේ මේ සැලසුම දැන සිටි අතර කරට කර සටන් කරමින් තරගයේ අවසන් මිනිත්තු 7 එළැඹෙද්දී ලකුණු සංඛ්‍යාව 24-24 බැගින් සමකර ගැනීමට සමත්ව සිටියේය.

එහෙත් තරගය නිමාවීමට මිනිත්තු 4කට පෙර ලද දඬුවම් පහර සාර්ථක කරගත් තිළිණ වීරසිංහ නැවියන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිමට සමත්විය.

දෙපිලම කරට කර සටනක නිරතවූවත් පළමු භාගයේ ආරම්භයේ සිට මිනිත්තු 35ක්ම ගතවනතුරු නැවියන් දැඩි පීඩනයට ඇද බැඳ තබා ගැනීමට සී.එච්.පිල සමත්විය. ඔවුන් ඒ වෙද්දී ලකුණු 17කින් පෙරමුණ ගෙන සිටි අතර නැවියන් ලකුණු ලබා සිටියේද නැත.

මුලින්ම සැමුවෙල් මධුවන්ත සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 3-0 කින් පෙරමුණ ගත් සී.එච්. පිල නැවියන්ට නැගී සිටින්නට ඉඩ තැබුවේම නැත.  අනතුරුව 30 වැනි මිනිත්තුවේදී බුද්ධිම පියරත්න ප්‍රතිවාදී පිලේ අවිශ්ක ලී නීතිවිරෝධි ලෙස උස්සා විසි කිරීම නිසා රූපවාහිනි තරග විනිසුරුගේ සහයෙන් සී.එච්.පිලට දඬුවම් ගෝලයක් ද පිරිනැමිනි. ඊට මොහොතකට පසුව අවන්ත ලී තැබු විශිෂ්ට උත්සාහක දිනුමත් සමග නැවියන් එහෙම පිටින්ම අන්දමන්ද වී ගියේය.

පළමු භාගය නිමාවීමට  පෙර  තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. 

අනතුරුව පළමු භාගයේ අන්තිම මිනිත්තුවේදී ප්‍රොප් ක්‍රීඩක කසුන් ද සිල්වා තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමුවේය. ඒ සමගම පළමු භාගය ලකුණු 17-10ක් ලෙස සී.එච්.පිල පෙරමුණේ තබමින් නිමාවිය.

දෙවැනි භාගය ආරම්භ වී මොහොතකට පසුව සී.එච්.පිලේ නායක රෝහිත රාජපක්ෂ තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සැමුවෙල් මධුවන්ත සිය කණ්ඩායම ලකුණු 24-10කින් ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඊළඟ ඇසිල්ලෙහි සී.එච්.පිලේ ක්‍රීඩකයන් දෙදෙනකුම නැවියන්ට නීතිවිරෝධි ලෙස බාධා කළ බවට කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීම ඔවුන්ගේ පසුබෑමට හේතුවිය.

 සී.එච්.පිල ක්‍රීඩකයන් 13 දක්වා අඩුවීමේ අවස්ථාවෙන් කදිමට ඵල නෙලාගත් ස්ටීවන් ග්‍රෙගරි විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. තිළිණ වීරසිංහ එය සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේය. 

ඉන් ලද උත්තේජනයෙන් තවත් මොහොතකින් ළහිරු විශ්වජිත් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ ලකුණු 24-24ක් ලෙස සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව සමකර දැමීම නැවියන්ගේ සැනසිල්ලට හේතුවිය.

අවසන් මොහොතේදී සාර්ථක කරගත් දඬුවම් පහරින් නාවික හමුදා පිලට ජය හිමිවිය. 

077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...