. අභියාචනා නවයෙන් හයක්ම පිළිගනී | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
අභියාචනා නවයෙන් හයක්ම පිළිගනී
2018-01-02 21:06:39 | නාමල් පතිරගේ

අවස්ථා කිහිපයකදී නැවත නැවත අත්හිටවූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය  (2017-21) මෙම 12 වැනිදා පැවැත්වීම තහවුරු කරමින් ක්‍රීඩා සමාජවලට දැනුවත් කිරීමේ ලිපි යොමු කළ බව එහි ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලිීලාරත්න මහතා පවසයි.

එම නිලවරණය එදින පෙරවරු 9ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම අවස්ථාවේදී පැවැත්වෙන මහ සභා රැස්වීමට ක්‍රීඩා සමාජ 58කට සහභාගි වීමට අවසර ලැබුණත් නිලවරණයේදී ඡන්ද විමසුමට සහභාගී කර  ගත්තේ ක්‍රීඩා සමාජ 41ක් පමණක් බවත් ලීලාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවේ විමර්ශනයෙන් පසුව සභාපති අපේක්ෂකත්වය තහවුරු කරගත් අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා හා ක්‍රීඩා සමාජ නියෝජිතයන් අතර හමුවක් ලබන සෙනසුරාදා (6) පස්වරු 5ට උස්වැටකෙයියාව නාවික හමුදා ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර පාපැදි නිලවරණයේදී කැපී පෙණුනුම සිදුවීම වන්නේ නිලවරණ කමිටුව තහවුරු කළ සම්මේලනයේ වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා යළිත් සභාපති ධුරයට ඉදිරිපත් වෙමින් ඉදිරිපත් කළ නාමයෝජනාව අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුට අවසන් මොහොතේදී නිලවරණයෙන් ඉවත්වීමට සිදුවීමය.

ඊට හේතු වූයේ මෙවර නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාරදුන් විල්මන් පෙරේරා මහතා ඔහුට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාවක් අභියාචනා කමිටුව පිළිගැනීමය.

නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කළත් අභියාචනා කමිටුව පිළිගැනීම තුළ එන්. කරුණාරත්න මහතා හැරුණු විට උපසභාපති ධුරයට තරග වදින නිශාන්ත පියසේන, උපසභාපති හා උපලේකම් ධුර සඳහා තරග වදින නලින් අධිකාරිආරච්චි, උපසභාපති ධුරයකට තරග වදින යූ.ජී. රුද්‍රිගු, සභාපති ධුරයට තරග වදින ඩබ්.එම්.එස්. බණ්ඩාර යන මහත්වරුන්ට නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව යළි හිමිව තිබේ.

එසේ වුවත් එම්.ජී. ජයසේන (ලේකම් හා භාණ්ඩාගාරික ධුර), ප්‍රදීප් චන්දන සිල්වා (උපසභාපති), කේ.ඒ. උපාලි තාබෲ (උපසභාපති) යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියාචනා කමිටුව විසින් ද තහවුරු කර තිබේ.

වත්මන් සභාපතිවරයාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ ප්‍රධානතම කරුණු ලෙස අභියාචනා කමිටුව දක්වා ඇත්තේ ඔහු සම්මේලනයේ සභාපති ධුරය දැරූ සමයේදී (2015) සම්මේලනයේ ගිණුම් වාර්තා ක්‍රීඩා පනතට හා එහි සංශෝධිත රෙගුලාසිවලට අනුව නියමිත කාල වකවානු තුළදී ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් ඔහු තවදුරටත් ජාතික ක්‍රීඩා සංගමය තනතුරු දැරීමට නුදුසුස්සකු වන බවය.

අභියාචනා කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක මිල්ටන් අමරසිංහ මහතාය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...