. 13 න් පහළ පෙර අ.අ. පූර්ව වටය ඇරඹේ | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
13 න් පහළ පෙර අ.අ. පූර්ව වටය ඇරඹේ
2018-01-04 16:56:26 | ශානුක අරවින්ද

වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් 16 ක් සමත් විය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන සතියේ සිට පැවැත්වේ. 

තරගාවලියේ මූලික වටයයේදී කණ්ඩායම් 75 ක් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදුණ අතර දෙවැනි වටයේදී කණ්ඩායම් කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ 8 ශූරයන් සහ අනු ශූරයන් බවට පත් වූ කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

කොළඹ මහානාම, කොළඹ රාජකීය, කොළඹ ඩී.එස්. සේනානායක, මීගගමුව හරිස්චන්ද්‍ර, කොළඹ ශාන්ත ජෝෂප්, මොරටුව ශාන්ත සෙබස්තියන්, ගාල්ල මහින්ද සහ කොළඹ ශාන්ත පීතර යන විදුහල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ දෙවැනි වටයේ කාණ්ඩ ශූරයන් ලෙසිනි. 

කටුගස්තොට ශාන්ත අන්තෝනි, වෙන්නප්පුව ජෝෂප් වාස්, අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ ඉසිපතන, ගල්කිස්ස ශාන්ත අන්තෝනි, කළුතර විද්‍යාලය, කොළඹ තර්ස්ටන් සහ කළුතර තිස්ස යන විදුහල් දෙවැනි වටයේ කාණ්ඩ අනු ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. 

පෙර අවසන් පූර්ව වටයේ තරග පෙළ ගැස්ම

කොළඹ මහානාම විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී
කොළඹ රාජකීය විදුහල සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල අතර කොළඹදී
කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කොළඹදී
මීගගමුව හරිස්චන්ද්‍ර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මීගමුවේදී
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ගල්කිස්ස ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කළුතර විද්‍යාලය අතර මොරටුවේදී 
ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ගාල්ලේදී 
කොළඹ ශාන්ත පීතර විදුහල සහ කළුතර තිස්ස අතර බම්බලපිටියේදී 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...