. චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට | කෙළිමඬල
2018 ජූලි මස 21 වැනි සෙනසුරාදා
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට
2018-01-10 13:33:08 | .

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතුරුව ටෙස්ට් පිතිකරුවන්ගේ 10 වැනි ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට පැමිණ සිටී. ඉන්දියාවට එරෙහිව පැවැති පැවැති ටෙස්ට් තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 743 ක් හිමිකරගත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව එයයි.

අළු බඳුන තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 947 ක් හිමිකර ගෙන පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා වෙයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයට පෙර පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ සිටි විරාට් කෝලීට ලකුණු අතරට පැමිණිමට නොහැකිවීම හේතුවෙන් එක් ස්ථානයක් පහතට වැටී ඇත.  අවසන් ටෙස්ට් තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් ජෝ රූට් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්විය.

ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් දෙවැනි ස්ථානයට ඇද දමමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත්ව සිටී. ප්‍රසාද ලකුණු 888 ක් හිමිකර ගෙන ඇති රබාඩා ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මෙයයි. කගිසෝ රබාඩා සහ දෙවැනි ස්ථානයේ සිටින ජේම්ස් ඇන්ඩර්සන් අතර ඇත්තේ ලකුණක පරතරයක් පමණි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් තරයේදී ජයග්‍රහණය කරා දකුණු අප්‍රිකාව රැගෙන යාමේ නියමුවා වූ වර්නන් ෆිලැන්ඩර් ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථානය හයක් ඉදිරියට පැමිණෙමින් හයවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමගින් හයවැනි ස්ථානයේ සිටි රංගන හේරත් එක් ස්ථානයක් පහත වැටුණි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...