. සංගීත් කුරේ පිතිකරුවන් අතර පෙරමුණ ගනී | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
සංගීත් කුරේ පිතිකරුවන් අතර පෙරමුණ ගනී
2018-01-10 14:19:27 | රොෂාන් ගුණරත්න

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පස්වැනි සතිය අවසාන වනවිට කෝල්ට්ස් පිල නියෝජනය කරන සංගීත් කුරේ තරග පහකට සහභාගීවී ලකුණු 479 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. පසුගිය සති අන්තයේදී මූවර්ස් පිලට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් සංගීත් කුරේ දෙවැනි ඉනිමේදී ලකුණු 98 කට දැවී ගියේය. 

බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේය.

තරග හතරකට සහභාගීවී කඩුලු 35 ක් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්වන්නට වමතින් දඟපන්දු යවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්විය. ඉනිම පහකදී කඩුලු 5 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.

මාලින්ද පුෂ්පකුමාරට තරජනයක් වෙමින් ඔහු පසුපසින්ම පැමිණෙන එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය තරග හතරකදී කඩුලු 32 ක් දවාගැනීමට සමත්වී ඇත. ඉනිම හතරකදී කඩුලු 5 බැගින් දවාගෙන ඇති ඇඹුල්දෙණිය තරග දෙකකදී කඩුලු 10 බැගින් දවාගෙන ඇත. 

තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම එන්.සී.සී. පිලට එරෙහිව වාර්තා කිරීමට යුදහමුදා පිල නියෝජනය කරමින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති (108/9) සමත්වී තිබේ. වනිඳු හසරංග (සී.සී.සී.) සහ සඳකැන් පතිරණ (මූවර්ස්) කඩුලු අට බැගින් දවාගැනීමට සමත්ව සිටිති. 

තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය සහ මූවර්ස් කණ්ඩායමේ සඳකැන් පතිරණ කඩුලු 11 බැගින් දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

මේ වනවිට තරගාවලියේදී ද්විත්ව ශතක රැස්කිරීමට කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සහ සංගීත් කුරේ (කෝල්ට්ස්) සමත්වී ඇති අතර මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) ශතක තුනක්ද ප්‍රීමෝෂ් පෙරේරා (මූවර්ස්), දිමුත් කරුණාරත්න (එස්.එස්.සී.) සහ ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්) ශතක දෙක බැගින් රැස්කරමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් සිටිති.

පසුගිය සති අන්තයේ අවසන්වූ තරග වලදී ළහිරු තිරිමාන්න (රාගම), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), ශිරාන් රත්නායක (බදුරලිය), සංගීත් කුරේ (කෝල්ට්ස්) සහ පසිඳු ලක්ෂන්ක (කෝල්ට්ස්) ශතක රැස්කිරීමට සමත්වූහ.

ශතකය පෙනි පෙනී දැවීගිය පිතිකරුවන් අතරට සී.සී.සී. කණ්ඩායමේ ලසිත් අබේරත්න (96), බී.ආර්.සී. කණ්ඩායමේ ශශින් දිල්රංග (97), මූවර්ස් කණ්ඩායමේ චාමර සිල්වා (98) සහ කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ (98) ඇතුළත් වූහ. කණ්ඩායමේ සියළුදෙනා දැවීයාම හේතුවෙන් යුදහමුදා කණ්ඩායමේ දිල්ශාන් ද සොයිසාට (නොදැවී 97) ශතකය රැස්කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

2018/1/10 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.


 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...