. මහරගම ජනාධිපති විදුහලට ලකුණු 87 ක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
මහරගම ජනාධිපති විදුහලට ලකුණු 87 ක ජයක්
2018-01-11 16:29:10 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයට එරෙහිව ලකුණු 87 ක ජයක් හිමිකර ගැනීමට මහරගම ජනාධිපති විද්‍යාලය සමත්විය. මෙම තරගය කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තිලෝක හිමසර කඩුලු 7 ක් සහ චතුරංග දේවින්ද කඩුලු 5 ක් දවාගනිමින් මහරගම ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අතර එරංද අල්ගම කඩුලු 10 ක් සහ අයන්ත ශවින්ද කඩුලු 7 ක් දවාගනිමින් කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(සජන උදයංග 31, චන්දීප තවිත් 26, නිමේෂ් සංදීප නොදැවී 23, අයන්ත ශවින්ද 64/5, එරංද අල්ගම 45/3, අවිශ්ක වික්‍රමසිංහ 24/2)

හෙන්රි ඕල්කට් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 75
(දිනංජය ද සිල්වා 21, චතුරංග දේවින්ද 38/5, පසිඳු ලෝචන 28/3)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(ඉශාර තුල්ශාන් 23, තිරාන් සසිඳු 22, එරංද අල්ගම 43/7, අයන්ත ශවින්ද 53/2)

හෙන්රි ඕල්කට් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(එරංද අල්ගම 27, අවිශ්ක වික්‍රමසිංහ26, මලිඳු සඳකැලුම් 20, තිලෝක හිමසර 35/7)

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...