. පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී
2018-01-11 19:48:14 | ...

සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය විසින් සංවිධානය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය - ගෝලිය අභියෝග කුසලාන සදහා පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගිවී වෙමින් සිටී.


සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා ක්‍රිකට් සමාජය සහ හොංකොං ක්‍රිකට් සමාජය අතර පැවැති තරගයේදී ආරම්භක පිතිකරුලෙස පිටියට පිවිසි අර්ජුන් පන්දු 27 කට ලකුණු 48 ක් ලබාගත් අතර සහ ඕවර 4 කදී කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑමට සමත්විය.


පිතිකරුවකු ලෙස ලොවම හඳුනාගත් සචින් තෙන්ඩුල්කාර් වාර්තා පිට වාර්තා තැබීම විනෝදයක් කරගත් නමුත් ඔහුගේ පුතු අර්ජුන් වේග පන්දු යවන්නකු ලෙස කරලියට පිවිස ඇත. අර්ජුන් වමත් වේගපන්දු යවන්නකු මෙන්ම වමත් පිතිකරුවකුද වෙයි.


“මම ලොකු වෙන්න ලොකු වෙන්න වේගයෙන් පන්දු යැවීමෙන් සතුටට පත්වුණා. අපේ රටේ වැඩිපුර වේග පන්දු යවන්නන් නැති නිසා මමත් වේගපන්දු යවන්නෙක් වෙන්න හිතුවා” යැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට අර්ජුන් පැවසීය.


අර්ජුන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවේ. ඉන්දියාවේ දේශීය තරගාවලියේදීද ඔහු දස්කම් දැක්වීය. පසුගිය ජුලි මාසයේදී පැවැති පුහුණු සැසියකදි අර්ජුන් දැමූ යෝකර් පන්දුවක් වැදීමෙන් එංගලන්ත පිතිකරු ජොනී බෙයාස්ටෝට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය.


අඩි හයක් උසැති අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ වමතින් වේගපන්දු යවන මිචෙල් ස්ටාර්ක් සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අනුගමනය කරයි.


‘ලිට්ල් මාස්ටර්ගේ’ පුතා වීමෙන් අර්ජුන්ගේ ජීවිතයට අති විශාල බරක් පැටවී තිබුණද ඉන් ඔහු උඩඟුවී නැත.


“මම ඒ පීඩනය ගන්නේ නෑ. මම පන්දු යවනවිට පන්දුව හයියෙන් බිම පතිත කරන අතර පන්දුවට පහරදෙන විට මගේ පහරවල් කරා යමින් පහරදිය යුත්තේ කාටද නැත්තේ කාටද යන්න තෝරා ගන්නවා” යයි අර්ජුන් පැවසීය.


ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය - ගෝලිය අභියෝග කුසලාන තරගාවලිය පැවැත්වීමේ අදහස වනුයේ ක්‍රීඩාවේ ජීවගුණය පවත්වා ගැනීම වර්ධන කිරීමට සහ මිත්‍රත්වය වර්ධන කරගැනිම සැමරීමටයි.


ජනවාරි 7 වැනිදා සිට 14 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරගවලියට කණ්ඩායම් අටක් සහභාගී වෙයි. එස්.සී.ජී ඞෂ, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය, ඉන්දියා ක්‍රීඩකයන්ගේ සමාජය, සිංගප්පූරූ ක්‍රිකට් සමාජය, හොංකොං ක්‍රිකට් සමාජය, දකුණු ඕස්ටේ්‍රලියා ක්‍රිකට් සංගමය, සිංගලීස් ක්‍රිකට් සමාජය සහ ඉසින්ගරී කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගීවන කණ්ඩායම් වෙති.


- ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...