. ජාතික කනිෂ්ඨ තරග 20-21 | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 18 වැනි අගහරුවාදා
ජාතික කනිෂ්ඨ තරග 20-21
2018-01-12 16:44:49 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 71 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය මේ මස 20 සහ 21 යන දිනවලදී මහනුවර නගර සභා නව ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය ඉකුත් වසරේදී (2017) පැවැත්වීමට නියමිත තිබූ ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය වන අතර කිහිපවරක්ම මේසපන්දු සංගමයේ නිලවරණය කල් යෑමත්, වරන් වර සංගමයේ සභාපති ධූරය වෙනස් වීමත් නිසා එම තරගාවලිය මේ වසරේදී (2018) පැවැත්වීමට සිදුව තිබේ. 

මෙම තරගාවලියේදී අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කේවල තරග පැවැත්වේ. වයස 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් යුගළ තරග (බාලක යුගළ, බාලිකා යුගළ සහ මිශ්‍ර යුගළ) පැවැත්වේ. 

තරගාවලියේ ප්‍රධානතම වයස් කාණ්ඩය වන 18 න් පහළ වයස් කාණ්ඩයේ බාලක සහ බාලිකා අවසන් මහ තරග 21 වැනිදා පස්වරුවේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව මේසපන්දු සංගමයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ. 

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිති. සෑම වයස් කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත් සහ පදක්කම් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

අවසන් වරට ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී (2016) බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් වූ අතර බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වූවාය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...
ආසියානු ශූරියෝ හෙට එති...
ජයවේවා... දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වෙන්නේ ඔබලාව ආදර්ශයට ගන්නයි. ඔබලා සියලු දෙනාට තවතවත් ධෛර්යය, ශක්තිය සහ ජයග්‍රහණ ලැබේවා......
මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා ...
අවංකව ඉතා ආඞම්බර වෙම්. ඔබ සැම දෙනා දක්වු දස්කම් ඉතා ඉහලින්ම අගය කරමි. ඉදිරි අනාගතයේ ලෝක ශැරතාවය දිනා ඹබේ දස්කම් මුලුලොවටම පෙන්විමට හැකිවේවායි මුලු හද...