. මහනුවරට දැවැන්ත ජයක් | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 22 වැනි ඉරිදා
මහනුවරට දැවැන්ත ජයක්
2018-01-14 12:28:47 | මොහාන් ප්‍රනාන්දු

වෘත්තීය පළපුරුද්දත්, නිපුණත්වයත් කදිමට පෙන්නුම් කළ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 50-15 කින් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවා  අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව සිය 10 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ඊයේ සමත්විය. 

මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩා සමාජය කුසලානය කරා කිට්ටු වෙමින් සිටින අතර කිසිදු ප්‍රතිවාදියකුට අභියෝග කිරිමට නොහැකි තරමේ දස්කම් දක්වමින් ඉදිරියට යමින් සිටී. සෙංකඩගල ක්‍රීඩකයෝ නිත්තවෙල සිය සුපුරුදු පිටියේ දී උත්සාහක දිනුම් 8 කින් රතු කමීස කාරයන් හෙම්බත් කළ අතර ඉන් 5 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ නයිජල් රත්වත්ත විසිනි. 

තරගයේ 15 වැනි මිනිත්තුවේදී තරිඳු චතුරංග තැබූ උත්සාහක දිනුමක් නයිජල් රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය. අනතුරුව තවත් මිනිත්තු පහක් ඇතුළත මහනුවර පිලේ දෙවැනි උත්සාහක දිනුම තැබුවේ රිචඞ් ධර්මපාලය. නයිජල්ගේ සාර්ථක ප්‍රවර්තනයෙන් ලකුණු 14-0කින් ඉදිරියට ගිය මහනුවර පිල ධනුෂ්ක රන්ජන් තැබූ අගනා උත්සාහක දිනුමත් සමග වේලසනින්ම සී.ආර්.පිල පීඩනයට ඇද වැටිනි. 

නයිජල්ගේ ප්‍රවර්තනයෙන් ලකුණු 21-0 කින් මහනුවර පිල ඉදිරියට යද්දී තරගයේ පළමු භාගය නිමාවීමට පෙර දඬුවම් පහරකින් සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමට රීසා රෆායිඩීන්ට හැකිවිය. පළමුභාගය නිමාවේදී මහනුවර පිල ලකුණු 21-3 කින් ඉදිරියෙන් සිටියේය. 

දෙවැනි භාගය ආරම්භයේදීම ‘රෝලිං මෝල්‘ අවස්ථාවකින් කදිම ඵල නෙලාගත් හුකර් ක්‍රීඩක උචිත් ජයසූරිය තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 28-3 කින් ඉහළට ඔසවා තබද්දි ඔහු තවත් අවිවේකි කරමින් ජේසන් දිසානායක ද කදිම උත්සාහක දිනුමක් තැබුවේය. එහෙත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට නයිජල් සමත් වූයේ නැත. 

ලකුණු 33-3 කින් සී.ආර්.පිල එහෙම පිටින්ම මෙල්ල කරගත් මහනුවර කණ්ඩායම 58 වැනි මිනිත්තුවේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ උත්සාහක දිනුමෙන් ලකුණු 38-3කින් ඉදිරියට ගියේය. එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට අසමත්වූවත් ඊට මිනිත්තු කිහිපයකට පසුව විශිෂ්ට උත්සාහක දිනුමකින් කණ්ඩායම ඉහළට ඔසවා තැබූ නයිජල් විසින්ම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 45-3 කින් මහනුවර පිල ඉදිරියට ගියේය. 

සී.ආර්.පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ 69 වැනි මිනිත්තුවේදීය. රීසා රෆායිඩීන් තැබූ එම උත්සාහක දිනුමත් සමග ලකුණු 8 කින් සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ ගියේය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට රෆායිඩීන් අසමත් විය. 

තරගයේ 70 වැනි මිනිත්තුවේදී රිචඞ් ධර්මපාලගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු 50-8 කින් ඉදිරියට යාමට මහනුවර පිල සමත්විය. 
සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගියේ අවසන් මොහොතේ චරන චාමිකර තැබූ අගනා උත්සාහක දිනුම තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙනි. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...