. දැල්පන්දු කමිටු රැස්වීම ගිනියම් වෙයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
දැල්පන්දු කමිටු රැස්වීම ගිනියම් වෙයි
2018-01-23 11:10:09 | නාමල් පතිරගේ

ජාතික දැල්පන්දු නව පුහුණුකාරිනියගේ පත් කළ ක්‍රමවේදය දැඩි ලෙස හෙළා දකිමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පෙරේදා (21) පැවැති කවුන්සිල රැස්වීමේදී නියෝජිතවරියෝ පිරිසක් අදහස් දැක්වීමෙන් එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

එම ධුරයට ඉදිරිපත් වූ හයිසින්ත් විජේසිංහ, සොමිතා ද අල්විස් ඇතුළුව දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනි යසා රාමචන්ද්‍ර, කොළඹ නගර සභා හා විනෝදාංශ ක්‍රීඩා සංගමයේ යමුනා සඳමාලි යන මහත්මීහු ද එහිදී දැඩි ලෙස අදහස් දැක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

රියෝ රම්ලාන් (බස්නාහිර), සංජීවනී වීරසිංහ (වෙළෙඳ සේවා), දීප්ති අල්විස් (ජනසතු සේවා), වජිරා පුෂ්පකුමාරි (ගම්පහ), පී.ඩී. ප්‍රසාදි (වෙන්නප්පුව), ගෝපා ද සිල්වා (මාතර), යස්මින් ධර්මවර්ධන (කොළඹ) යන මහත්මීහු ඒ සම්බන්ධයෙන් එහිදී දැඩි ලෙස අදහස් දක්වා තිබේ. ඔවුන් වැඩිදෙනකු කියාඇත්තේ නව පත්කිරීම වසරකට පමණක් සීමා විය යුතු බවත් ඒ සඳහා දීමනා ලෙස ලබා දිය යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමත දීමනාව පමණක් ලබාදිය යුතු බවත් පවසා තිබේ.

කෙසේ වුවත් මූලාසනයේ සිටි දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ජාතික නව දැල්පන්දු පුහුණුකාරිනියගේ පත් කිරීමට සම්මේලනයේ ඍජු සම්බන්ධයක් නැති බවත් එය ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් සිදුවූවක් බවත්ය.

මෙවර ජාතික දැල්පන්දු පුහුණුකාරිනියගේ පත් කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදය පිළිබඳව දැල්පන්දු සම්මේලනය තමන් දැනුවත් නොකිරීම ගැන එහිදී හයිසින්ත් විජේසිංහ හා සොමිතා ද අල්විස් යන මහත්මීහු විරෝධය පළ කරමින් කතා කළ අතර අල්විස් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමා ගොනුකළ විරෝධතාවට මෙතෙක් දැල්පන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිචාර නොදැක්වීම ගැන කනගාටුවට පත්වන බවත්ය.

රැස්වීම උණුසුම්වන අතර ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපතිනි හයිසින්ත් විජේසිංහ මහත්මියට දැල්පන්දු සම්මේලනයේ කවුන්සිල රැස්වීමේ අසුන්ගත නොහැකි බවට මූලාසනයෙන් පිළිතුරු දෙමින් අවධාරණය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ පුහුණුකරුවන්ගේ සංගමය පිළිගැනීම සඳහා වන එහි ව්‍යවස්ථාව මෙතෙක් දැල්පන්දු සම්මේලනයට ඉදිරිපත් නොකිරීම බව ද දැනගන්නට ඇත.

එහෙත් ඊට ප්‍රතිචෝදනා ඉදිරිපත් කරමින් අදහස් දක්වා ඇති විජේසිංහ මහත්මිය සම්මේලනයට සිය ව්‍යවස්ථාව ඉදිරිපත් නොකළ තවත් අනුසංගම් ගණනාවක් තිබෙන බැවින් තමන් රැස්වීමෙන් ඉවත්ව නොයන බව තවදුරටත් දැඩි ලෙස අදහස් දක්වමින් පවසා තිබේ.

එම අවස්ථාවේදී සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය අදහස් දැක්වීමට ගියත් මූලාසනයෙන් ඇයට විරෝධතා එල්ල වූ බව ද වාර්තා වේ.

කෙසේ වුවත් සභාවෙන් ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බව ඇය චෝදනාවලට පිළිතුරු දෙමින් පවසා තිබේ.
ජාතික නව දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවියගේ අධීක්ෂණයෙන් නව ජාතික (මූලික) දැල්පන්දු සංචිතය ක්‍රීඩිකාවන් 30 දෙනකුගෙන් සමන්විතව බණ්ඩාරගමදී පැවැති තේරීම් පරීක්ෂණයෙන් පසුව මේ වනවිට තෝරාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...