. තර්ජනී යළිත් දැල්පන්දු සංචිතයට | කෙළිමඬල
2018 මැයි මස 20 වැනි ඉරිදා
තර්ජනී යළිත් දැල්පන්දු සංචිතයට
2018-01-23 11:19:54 | නාමල් පතිරගේ

ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස තවමත් සැලකෙන 34 හැවිරිදි තර්ජනී ෂිවලිංගම් වසර 2014 න් පසුව යළිත් ජාතික දැල්පන්දු සංචිතයට ඇතුළත්වීමට සමත්ව සිටියි. ඒ පසුගිය සෙනසුරාදා (20) බණ්ඩාරගමදී පැවැති මූලික තේරීම් පරීක්ෂණයෙන් සමත් වෙමිනි.

ජාතික දැල්පන්දු කණ්ඩායමේ සම නායිකාවක් ලෙසත් කටයුතු කර තිබෙන ඇය, ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලි හතරකට සහභාගි වූ මේ වන විට පුහුණු සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවයි. අඩි 6 අඟල් 10ක් උසැති ඇය අවසන් වරට 2014 ආසියානු අනු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කර තිබේ.

මේ අතර ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන මරිෂා ප්‍රනාන්දු හා එහි උප නායිකාවක් වන තිසාලා අල්ගම ද සංචිතයට ඇතුළත් සෙසු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවෝ වෙති.

කෙසේ වුවත් බණ්ඩාරගම දී පැවැති තේරීම් පරීක්ෂණයට සහභාගි නොවූ ඔවුන් නැවත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමේ කොන්දේසිය මත සංචිතයට ඇතුළත් කර තිබේ. ජාතික කණ්ඩායමේ හිටපු නායිකා ගයනි දිසානායකත් සංචිතයට ඇතුළත් වූ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකි.
ජාතික දැල් පන්දු (මූලික) සංචිතය

ලක්මාලි බණ්ඩාර, දුලංගා ධනංජි, දුලංගි වන්නිතිලක, සේනානි පාලිකා, ශ්‍යාමලී රත්නායක, හිතාෂි පීරිස්, ගයාංජලී අමරවංශ, සචිනි රුද්‍රිගු, මධුමාලි සිංහබාහු, හේමමාලි දමයන්ති, එච්. දේශානි, තර්ජනි ෂිවලිංගම්, දර්ශිකා අබේවික්‍රම, තිළිණි වත්තේගෙදර, සුරේඛා කුමාරි, හසන්ති කෞෂල්‍යා, චතුරංගි ජයසූරිය, රිසුරි විජේසුන්දර, ටීනා චන්ද්‍රසිරි, දුෂානි බණ්ඩාර, තිවංකා පෙරේරා, ගයනි දිසානායක, රුක්ෂිලා හපුආරච්චි, රුවිනි යටිගම්මන, එල්. ලක්මාලි, නවුචලි රාජපක්ෂ, උදේනි මධුෂානි, අයි.එම්. සුදුසිංහ, අචිලා ජයවර්ධන, මරිෂා ප්‍රනාන්දු හා තිසලා අල්ගම.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
විරාට් කෝලිගේ සැඟවුණ මානුෂීය ගුණය ...
2018-05-14 19:28:51
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉ...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පිතිකරුවෝ ගාල්ල පිලට ජය ගෙනෙති...
2018-05-14 20:52:30
අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් ...
කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට...
2018-05-14 23:57:57
කෙවින් ඕ’බ්‍රයන්ගේ මංගල ටෙස්ට් ශතකය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද...