. හිටපු සභාපති මානව හිමිකම් සොයා යයි | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
හිටපු සභාපති මානව හිමිකම් සොයා යයි
2018-01-23 11:21:47 | නාමල් පතිරගේ

ලෝක ශූරතා තරග දෙකකදී රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා රජයෙන් ත්‍යාග ලෙස රුපියල් මිලියන 10කට ආසන්න ත්‍යාග මුදලක් හා තීරුබදු රහිත මෝටර් රථ බලපත්‍රයක් ලබා ගත් ශ්‍රී ලංකා හිටපු කායවර්ධන ශූර, කායවර්ධන සම්මේලනයේ වත්මන් උපසභාපති ප්‍රසන්න පීරිස් මහතාට ඉදිරි වසර දෙකක් වන කාලයක්  බලපැවැත්වෙන පරිදි තහනමක් පනවා තිබේ. 


ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු පරිපාලන නිලධාරීන් තවත් තිදෙනකුට ද එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් තහනමක් පනවා තිබේ. 

එහිදී විශේෂිතම සිදුවීම වන්නේ කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන කේ.එච්. කපිල කුමාර මහතා චෝදනා කීපයකටම වැරදිකරු  කරමින් ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමය. 

ජාතික ක්‍රීඩා සංගමයක ප්‍රධාන තනතුරු දැරූ නිලධාරියකුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය වන බවද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

 විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් තිදෙනකුගෙන් සමන්විත  එම විමර්ශන කමිටුව පැවැත්වූ පරීක්ෂණ වාර්තාවේ නිගමන හා නිර්දේශ පිළිබඳව අදාළ චෝදනා ලාභී නිලධාරීන් දැනුවත් කරමින් මේ වනවිට ඔවුන්ට  ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ. 

ඒ අතර කායවර්ධන සම්මේලනයේ වත්මන් උපසභාපතිවරයකු වන රනිල් සම්පත්, එහි උපභාණ්ඩාගාරික වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ට ද ඉදිරි වසර දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි පසුගිය ජනවාරි 9 වැනිදා සිට කායවර්ධන පරිපාලනයේ හා එහි සෙසු ක්‍රියාකාරකම්වල නිරතවීම තහනම් කරමින් දඬුවම් නිර්දේශ කර තිබේ. 

කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන පුලස්ති තරංග මහතා කායවර්ධන තරග ජයග්‍රාහකයකු ලෙස දක්වමින් ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමට අනුබල දීම, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් චෙක්පත් නිකුත් කිරීම, සම්මේලනයේ දෙවතාවක් සභාපති ධුරය  දැරීමෙන් පසුව තවදුරටත් එහි විධායක කමිටුව නියෝජනය කිරීම, සම්මෙලනයේ ලිපි ශීර්ෂ සභාපතිගේ අනුදැනුමෙන් තොරව පාවිච්චි කිරීම, පුහුණුකරු පාඨමාලාවලට නීත්‍යානුකූල නොවන අයුරින් අත්සන් කිරීම යන චෝදනා යටතේ හිටපු සභාපති කපිල කුමාර මහතාට ජීවිතාන්තය තෙක් තහනම පනවන බව අදාළ දැනුම්දීමේ ලිපියේ දැක්වේ. 

කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය අපකීර්තියට පත්වන ආකාරයෙන් නීත්‍යානුකූල නොවන මාධ්‍ය හමුවක් කැඳවා සම්මේලනය අපකීර්තිමත් කිරීම පිළිබඳව විමර්ෂණ කමිටුව රනිල් සම්පත් මහතාට අදාල තහනම පනවා තිබේ. 

එම චෝදනා මතම හිටපු ලෝක කායවර්ධන ශූර ප්‍රසන්න පීරිස් මහතාට හා වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ට ද දඬුවම් පමුණුවා තිබේ. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ දැනුම්දීමේ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කරමින් දක්වා ඇත්තේ මෙවන් අදූරදර්ශී ක්‍රියාවන් සිදු නොකරන ලෙස ඔවුන්ට දැඩි ලෙස අවවාද කරන බවත්ය. 

වසර 2015 මැයි මාසයේදී පැවැති ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණයෙන් පත්වූ නිලධාරි මණ්ඩලයේ පත්වීම් ලබා ගනිමින් කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා පාදක කර ගනිමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම  විමර්ශනය සිදු කරනු ලැබීය. 

මේ අතර පරිපාලන කටයුතු සිදු කිරීමේදී චෝදනා  ලැබූ කායවර්ධන සම්මේලනයේ  තවත් නිලධාරීන් පිරිසකට එරෙහිවද ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් ඉදිරියේදී තවත් විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි කායවර්ධන සම්මේලනය ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...