. පොලිසියට සැනසුම් සුසුමක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
පොලිසියට සැනසුම් සුසුමක්
2018-01-28 11:04:01 | මොහාන් ප්‍රනාන්දු

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ජයග්‍රහණ ඉඩෝරයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි පොලිස් ක්‍රීඩා සමාජය අන්තිමේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 18-12 කින් පරාජය කරමින් සිය පිපාසය සංසිඳුවා ගත්තේය.

තරගාවලිය නිමාවීමට තවත් සති දෙකක් පමණක් ඉතිරිව තිබුණත් සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලිය නිමා වීමට පෙර සැනසුම් සුසුමක් හෙළීමට පොලිස් ක්‍රීඩකයෝ සමත්වූහ. 

තරගාවලියේ ආරම්භයේදී දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි පොලිස් පිල සෙසු කණ්ඩායම්වලට අභියෝග ගෙන දෙන ප්‍රතිවාදීන් බවට පත්වූයේ දෙවැනි වටයේ සිටය.

විශේෂයෙන් පසුගිය සතියේ දී තරගාවලියේ එතෙක් දෙවැනි තැන රැකගෙන සිටි හැව්ලොක්ස් පිල බිමට තුන්වැනි තැනට ඇද දමමින් තරගය සමකරගැනීමට සමත්වූ පොලිස් පිල ඊයේ පොලිස් පිටියේදී ගුවන් හමුදා පිල පරාජය කිරීමට කදිම උත්තේජනයක් ලබා තිබිණි. 

පළමු වටයේ දී ගුවන් හමුදා පිල හමුවේ ලකුණු 15-5 කින් පරාජය වූ පොලිස් පිල ඊයේ තරගයේදී ඊට නිසි ප්‍රතිචාර දුන්නේය. 

සංදේශ් ජයවික්‍රම සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ පොලිසියට ප්‍රති උත්තර දුන් ගුවන් හමුදා පිල රුමේෂ් රාම්දාස් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 5-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව සුරංග කසුන් තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සංදේශ් ජයවික්‍රම ලකුණු 10-5 කින් පොලිස් පිල ඉහළට ඔසවා තැබුවේය. 

තරගයේ පළමුභාගය නිමාවනතුරු ගුවන් හමුදා පිල ඇද බැඳ තබාගත් පොලිස් ක්‍රීඩකයෝ වාජිඞ් ෆවුමි තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු 15-5 කින් පෙරමුණ රැක ගත්හ. 

දෙවැනි භාගය ආරම්භයේදී නුවන් පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිල ලකුණු 12 කින් ඉදිරියට ගෙන ගියේය.

එහෙත් සංදේශ් ජයවික්‍රම සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 18-12 කින් ඉදිරියට ගිය පොලිස් පිල තරගය නිමාවන තුරුම ප්‍රතිවාදින්ගේ බෙල්ලෙන් අල්ලා සිරකර ගනිමින් පළමු ජයග්‍රහණයට හිමිකම් කීවේය.

ඡායාරූප : වරුණ කරුණාසේකර

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...