. ජාතික ක්‍රීඩා සංගම් ඇමතිට ලියති | කෙළිමඬල
2018 ජූලි මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
ජාතික ක්‍රීඩා සංගම් ඇමතිට ලියති
2018-02-07 20:43:50 | නාමල් පතිරගේ

රට තුළ දෙයාකාරයකින් ක්‍රීඩා නීතිය ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් වහාම සිය අවධානය යොමු කරන ලෙස ජාතික ක්‍රීඩා සංගම් 14 ක ප්‍රධානීහු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට විශේෂ ලිපියක් යොමු කරමින් කියා සිටිති.

පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට වෙනම පාර්ශ්වයක් ලෙස තරග වදින ජාතික ක්‍රීඩා සංගම් එකමුතුවට අයත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පිළිබඳ කාරණාව සිහිපත් කරමිනි.

ජාතික ඔලිම්පික් කමිටුවටත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය, ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් අරභයාත්  රටේ ක්‍රීඩා නීතිය හා රෙගුලාසි ක්‍රියාත්මක වීමේ දී අසමානකම් ගණනාවක් බලපා ඇතැයිද ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

මූල්‍ය විනයට අදාළ රෙගුලාසි ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අරභයා උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර 2010 සිට 2016 දක්වා එම කමිටුවේ ගිණුම් වාර්තා සාමාජිකත්වයට ලබාදීම ප්‍රමාදවීම තුළ එහි පූර්ණ වගන්ති හා වගවීම එම කමිටුවේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික විසින් බාර ගත යුතු බවත්ය.

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුව වසර 2010 සිට 2012 දක්වා වූ කාල සීමාවල විගණන වාර්තා පසුගිය ජනවාරි මාසයේදී එහි සාමාජිකත්වයට ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අතර වසර 2013 සිට 2016 දක්වා කාල සීමාවේ ගිණුම්වලට අදාළ විගණන වාර්තා ද ඉකුත්දා ඔවුන්ට ලබාදී තිබේ.

මේ අතර ක්‍රීඩා ඇමැතිවරයාට ලියන ඉහත ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ජූඩෝ හා ටෙනිස් යන සම්මේලනවල නිලධාරි මණ්ඩලයට ඇතුළත්වීමක්ද එහි භාණ්ඩාගාරිකවරයා හොකී, ඉහත පංචප්‍රයාම හා අත්පන්දු (හෑන්ඞ්බෝල්) යන ජාතික ක්‍රීඩා සංගම් තනතුරු සඳහා ඇතුළත්වීමෙන්ද ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට යළි තරග වැදීමට දරන උත්සාහය ක්‍රීඩා පනත රටේ දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බවට හොඳම නිදසුන් බවට පත්ව ඇතැයිද පෙන්වා දෙති.

හොකී සම්මේලනය විසුරුවා හැර එහි පාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන තත්ත්වයක් තුළ එහි හිටපු සභාපතිවරයා තවමත් ජාතික ඔලිම්පික් කමිටුවේ හොකී සම්මේලනයේ නියෝජිතයා ලෙස අසුන් ගැනීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවටත් ලිපියෙන් තවදුරටත් අනාවරණය කරන ඔවුහු හොකී සම්මේලනය පසුගිය වසර පහක් වන කාලසීමාවක් අරභයා ගිණුම් වාර්තා ලබාදීමට අපොහොසත් වී ඇතැයිද පවසති.

ඔලිම්පික් ප්‍රඥප්තියේ 27 හා 28 යන වගන්ති ප්‍රකාරව ජාතික ඔලිම්පික් කමිටුවේ සෑම වාර්ෂික මහ සභා රැස්වීමකදී වාර්ෂික වාර්තාව හා විගණන වාර්තාව ඉදිරිපත් කළ යුතුය යන රෙගුලාසිය මේ වන විට තවම තිබීමෙන් රටේ ක්‍රීඩා නීතිය පමණක් නොව ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියද කමිටුවේ වත්මන් ප්‍රධානින් උල්ලංඝනය කර ඇතැයි සිය ලිපියෙන් තවදුරටත් අවධාරණය කරන ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව ඒ සඳහා නිලවරණය පැවැත්වූයේද නැද්ද යන්න පිළිබඳව අදාළ නොවන බවත් පවසා සිටියි.

එම ලිපියෙන් ඔවුන් පවසා ඇත්තේ සියල්ලන්ටම කලින් ආදර්ශයක් වන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව හැඩගැසිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔලිම්පික් ප්‍රඥප්තියට එය පයින් ගැසීමක් වන බවත්ය.
ජාතික ක්‍රීඩා සංගම් එකමුතුවට සහයෝගය දක්වන දේවා හෙන්රි මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයට ජාතික ඔලිම්පික් කමිටුවේ නිරීක්‍ෂණ මට්ටමේ සාමාජිකත්වය පිරිනැමීමට මේ වනවිට තීරණ වී ඇතැයි ද වාර්තා වේ. නිරීක්‍ෂණ මට්ටමේ සාමාජිකත්වය ලැබීමෙන් එම සංගමයට මෙම 23 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමට සහභාගිවීමේ අවස්ථාව හිමි වේ. එහෙත් පැවැත්වෙන නිලවරණයේ දී එම සංගමයට ඡන්ද බලය හිමි නොවේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...