. මාලිංගට උපදේශක තනතුරක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා
මාලිංගට උපදේශක තනතුරක්
2018-02-08 20:39:52 |

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු නොලැබූ ලසිත් මාලිංග, පන්දු යවන්නන්ගේ උපදේශකවරයකු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කර ගැනීමට එම කණ්ඩායමේ හිමිකරුවන් පියවර ගෙන තිබේ.


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේ වසර ගණනාවක් පුරා තමා ක්‍රීඩා කළ කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස සහය දැක්වීමට නොහැකි වුවත්, උපදේශකවරයකු ලෙස හෝ සහය දැක්වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා මහත් සතුටට පත්වන බවයි.


“පසුගිය දශකය පුරා මගේ නිවසින් පිටත නවාතැන විධියට මට මුම්බායි කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩකයෙක් හැටියට මුම්බායි කණ්ඩායමත් සමග පැමිණි ගමන ගැන මට හරිම සතුටුයි. මෙතැනින් ඉදිරියට මම උපදේශකයවරයකු විධියට අලුත් ගමනක් ආරම්භ කරනවා.” යැයිද මාලිංග පැවසීය.


2009 වසරේ සිට 2017 වසර දක්වා සෑම වසරකදීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ මාලිංග, එදා මෙදා තුර අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙසද වාර්තා අතරට එක්ව සිටියි. එම කාල සීමාව තුළදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. තරග 110 කට ක්‍රීඩා කළ මාලිංග, එහිදී දවාගත් කඩුලු සංඛ්‍යාව 154 කි. 2011 වසරේ පැවැති තරගාවලියේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගනිමින්  දක්ෂතම පන්දු යවන්නා ලෙසද මාලිංග සම්මාන ලැබීය.


කෙසේ වුවත් විවිධ අබාධයන්ට ගොදුරු වීම නිසා මෑත කාලය වන විට කෙමෙන් කෙමෙන් ඔහුගේ දක්ෂතා පහළ මට්ටමකට ඇද වැටුණ අතර පන්දු යැවීමේ වේගයද අඩාල විය. එපමණක් නොව සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත්වීම නිසා ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයද අහිමි විය.


මාලිංග වැනි අත්දැකීම් බහුල පන්දු යවන්නෙක් තම කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශකවරයකු ලෙස පත්කර ගැනීම, නවක පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉහළ නංවාලීමට උපකාරීවනු ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවෝ බලාපොරොත්තු වෙති.
“නවක පන්දු යවන්නන් ජාතික තලය දක්වා රැගෙන ඒමේදි සෙසු කණ්ඩායම් වලට වඩා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා. මාලිංගගේ සහ ෂේන් බෝන්ඞ්ගේ එක්වීම නවක පන්දු යවන්නන්ට ඉදිරියට ඒමට බොහෝ සෙයින් උපකාරී වේවි කියා මා සිතනවා.” යැයි මාලිංගගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි කණ්ඩායමේ සම හිමිකරු අකාෂ් අම්බානි මහතා කියා සිටියේය.


මෙම පත්වීමත් සමග මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන අතර ඔහුට අමතරව මහේල ජයවර්ධන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ෂේන් බෝන්ඞ් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, රොබින් සිං පිතිහරඹ පුහුණුකරු ලෙසත්, ජේම්ස් පෙමෙන්ට් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරති.

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...