. සංගාගේ ග්ලැඩියේටර්ස් පිල අවසන් තරගයට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
සංගාගේ ග්ලැඩියේටර්ස් පිල අවසන් තරගයට
2018-02-11 13:50:43 | .

‘හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී වේගවත් ලකුණු 94 ක් රැස්කරමින් ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යෑමට කුමාර් සංගක්කාර සමත් විය. සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සිටි කයිතක් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 18.2 අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර, හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 56 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිටි කයිතක් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපාරා පන්දු 30 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර කයිල් කොයෙට්සර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේඞ් ඩර්න්බැච් සහ ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් කඩුලු 3 බැගින් දවාගනිමින් සිටි කයිතක් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.


සිටි කයිතක් කණ්ඩායම - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 136
(කයිල් කොයෙට්සර් 24, ජෙමී ඇට්කින්සන් 17, රවී බොපාරා 37, රයද් එමිර්ට් 18, ජේඞ් ඩර්න්බැච් 21/3, ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් 24/3)

ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම - ඕවර 18.2 කදී 5 ක් දැවී 139  
(කුමාර් සංගක්කාර නොදැවී 94, කැමරන් ඩෙල්පොට් 15, සැමුවෙල් බද්‍රි 12/3)

 

- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...