. මේරියන්ස් ක්‍රීඩකයෝ - පිත්තෙන් පන්දුවෙන් පෙරමුණ ගනිති | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
මේරියන්ස් ක්‍රීඩකයෝ - පිත්තෙන් පන්දුවෙන් පෙරමුණ ගනිති
2018-02-11 16:24:02 | රොෂාන් ගුණරත්න

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි වටයේ තෙවැනි සතිය අවසාන වනවිට හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන සචිත්‍ර සේරසිංහ තරග නවයකට සහභාගීවී ලකුණු 834 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. සචිත්‍ර සේරසිංහ මෙවර තරගාවලියේදී  ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් රැස්කර ඇති අතර වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව ලකුණු 145 රැස්කරගත් ඔහු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන අතර දෙවැනි ද්විත්ව ශතකය (200) ලබාගැනීමට සංගීත් කුරේ සමත්විය.

තරගාවලියේ දැනට තරග නවයකට සහභාගීවී කඩුලු 65 ක් බිඳ හෙළමින් මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්වන්නට වමතින් දඟපන්දු යවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇත. ඉනිම හතකදී කඩුලු 5 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.

වරාය අධිකාරිය කණ්ඩායමේ චානක කොමසාරූ කඩුලු 63 ක් සහ සහ එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 57 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම එන්.සී.සී. පිලට එරෙහිව වාර්තා කිරීමට යුදහමුදා පිල නියෝජනය කරමින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති (108/9) සමත්වී තිබේ. වනිඳු හසරංග (සී.සී.සී.) සහ සඳකැන් පතිරණ (මූවර්ස්) කඩුලු අට බැගින් දවාගැනීමට සමත්ව සිටිති.

තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය, මූවර්ස් කණ්ඩායමේ සඳකැන් පතිරණ, සී.සී.සී. කණ්ඩායමේ දිනුක් හෙට්ටිආරච්චි සහ සචිත් පතිරණ කඩුලු 11 බැගින් දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි ස්ථානයේ පසුවෙති.

මේ වනවිට තරගාවලියේදී වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර සචිත්‍ර සේරසිංහ සහ ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා (එස්.එස්.සී), චාමර සිල්වා (මූවර්ස්) සහ ලසිත් අබේරත්න (සී.සී.සී) ශතක තුන බැගින් ලබාගනිමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වති.


2018/2/09 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...