. සකීබ්ගේ ආගමනය සැක සහිතයි | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
සකීබ්ගේ ආගමනය සැක සහිතයි
2018-02-11 17:40:11 | .

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීම සඳහා නම් කරනු ලැබ සිටි තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්, දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට සහභාගි වීම අවිනිෂ්චිත බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඊට හේතුවී ඇත්තේ ඔහුගේ වම් අතේ තුවාලය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොතිබීමයි. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය අතරතුර වම් අත තුවාල වීම නිසා සකීබ්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියද අහිමි විය.

සකීබ් ක්‍රීඩා නොකිරීම නිසා ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ මහමදුල්ලා රියාද්, ලබන 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේදීත් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මින්හජුල් ආබ්ඩීන් පවසන පරිදි සකීබ්ගේ අතේ තුවාලයට දමා තිබූ මැහැම් මේ වන විට ඉවත් කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම සුව වීම සඳහා තවත් කෙටි කාලයක් ගතවනු ඇත.

“ඊයේ (10 වැනිදා) ඔහුගේ අතේ මැහැම් කපා ඉවත් කළා. නමුත් ඒ තුවාලය සුව වෙන්න තව ටික දවසක් යාවි. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට දෙවැනි තරගයට ක්‍රීඩා කරන්න පුලුවන් වේවි කියලා.” යැයි ආබ්ඩීන් මහතා පැවසීය.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...