. චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
2018-02-12 14:44:31 | .

වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එම්. චනිඳු සමදිත් සේනානායක සමත් විය.

ජාතික වෙඩිතැබීමේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේදී වායු රයිෆල් මීටර 10 ඉසව්වේ විවෘත කාණ්ඩය යටතේ චනිඳු දැක්වූ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාවක්ද විය. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන පළපුරුදු තරගකරුවන් සමග කරට කර තරගයක නිතර වූ චනිඳු, තවමත් 14 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.

මෙම ජයග්‍රහණයන්ට අමතරව 2017 වසරේ ජපානයේ පැවති 10 වැනි ආසියානු වායු තුවක්කු යොවුන් තරගාවලියේදී රටවල් රැසක තරගකරුවන් අතරින් ආසියාවේ 20 වැනි ස්ථානය දිනාගැනීමට චනිඳු සමත් වූ අතර, එහිදී ඔහු දැක්වූ දක්ෂතාවද ශ්‍රී ලංකා වාර්තාවක් විය.

පසුගිය වසරේ වැලිසරදී පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේදීද මීටර 10 යොවුන් කාණ්ඩයේ රන් පදක්කම දිනාගැනීමට චනිඳු සමත් වූ අතර, එම වසරේදීම නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියේ මීටර 10 වායු රයිෆල් ඉසව්වේ යොවුන් සහ කනිෂ්ඨ ඉසව්වන්වල රන් පදක්කම්ද ඔහු සතුවිය. එම තරගාවලියේදී චනිඳු දක්ෂතම වෙඩි තබන්නා ලෙසද සම්මාන ලැබීය.

තවද 2017 වසරේ ශ්‍රී ලංකා පාසල් වායු රයිෆල් සහ වායු පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවලියේ දක්ෂම වෙඩිතැබීමේ ශූරයා, 2016 වසරේදී මීටර 10 යොවුන් වායු රයිෆල් ඉසව්වේ රිදී පදක්කම මෙන්ම 2015 වසරේදී මීටර 10 යොවුන් වායු රයිෆල් ඉසව්වේ ලෝකඩ පදක්කමද ඔහු විසින් දිනාගනු ලැබීය.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...