. නවසීලන්තයට ලකුණු 12 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 25 වැනි අගහරුවාදා
නවසීලන්තයට ලකුණු 12 ක ජයක්
2018-02-13 19:58:11 | ...

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස එංගලන්තය සහ නවසීලන්තය අතර අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 184 ක් පමණි. මිචෙල් සෑන්ට්නර්, ටේ‍රන්ට් බෝල්ට් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.  

එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඬේවිඞ් මැලන් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. මැලන් සහ ඇලෙක්ස් හේල්ස් (47) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ගොඩනැගූ ලකුණු 65 ක සම්බන්ධතාවද එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු 24 කදී වාර්තා වූ හේල්ස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාටින් ගප්ටිල් (65) සහ නායක කේන් විලියම්ස් (72) සමත් වූහ. පන්දු 46 කට මුහුණදුන් විලියම්ස්, සිය අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කළ අතර පන්දු 40 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

එහිදී එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නන් දෙදෙනා බවට පත් වූ ඬේවිඞ් විලී සහ ආදිල් රෂීඞ් ලකුණු 36 කට කඩුලු 2 බැගින් දවාගත්හ.

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 196
(මාටින් ගප්ටිල් 65, කේන් විලියම්සන් 72, මාක් චාප්මන් 20, ඬේවිඞ් විලී 36/2, ආදිල් රෂීඞ් 36/2)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 184
(ඇලෙක්ස් හේල්ස් 47, ඬේව්ඞ් මැලන් 59, ඬේවිඞ් විලී 21, මිචෙල් සෑන්ට්නර් 29/2, ටේ‍රන්ට් බෝල්ට් 46/2, ඉෂ් සෝධි 49/2)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...