. ශා.අන්තෝනී විද්‍යාලයට ලකුණු 116 ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ශා.අන්තෝනී විද්‍යාලයට ලකුණු 116 ක ජයක්
2018-02-14 20:53:54 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ලකුණු 116 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඩයන් ස්ටූටර් (115) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ නිම්නක ජයතිලක කඩුලු 8 ක් දවාගනිමින් මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ජයග්‍රහණක කරා රැගෙන ගිගේය.


ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(සුනෙර ජයසිංහ 46, සසිත් හිරුදික 25, මොහොමඞ් කලීඞ් 24/4, අරවින්ත් රශේන්ද්‍රන් 25/2, දිල්හාර රමේෂ් 28/2)

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(දිල්හාර ශමින්ද 24, මොහොමඞ් ශමාස් 22, කල්හාර සේනාරත්න 15/3, නිම්නක ජයතිලක 28/3, සතීෂ් වික්‍රමාරච්චි 30/2)

ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 273
(ඩයන් ස්ටූටර් 115, තීක්ෂණ ගුණසිංහ 71, සුනෙර ජයසිංහ 40, යසිත් නිර්මල 25/2)

සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 33 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(චතුර දිල්රුක්ෂාන් 54, නිම්නක ජයතිලක 49/8, තමාෂ අබේකෝන් 43/2)

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...