. ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට
2018-02-15 15:15:03 | .

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති තරග 6 කින් සමතන්විත වූ එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමත් සමග එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ තිබේ.
ඒ අනුව එම තරගාවලිය ආරම්භ වීමට පෙර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටි දකුණු අප්‍රිකාව එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර එංගලන්තය තෙවැනි ස්ථානයේද, නවසීලන්තය සිව්වැනි ස්ථානයේද පසුවේ.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් තරගාවලියේ ජය හිමිකරගත්තද, ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයයි. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 8 ක් වැඩියෙන් ලබා ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටියි.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...