. විස්සයි-20 අන්තර්ජාතික තරග එපා | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 20 වැනි බ‍්‍රහස්පතින්දා
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා
2018-02-19 21:22:04 | .

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය යුතු යයි එංගලන්ත පුහුණුකරු ට්‍රෙවර් බේලිස් මහතා කියයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති ට්‍රාන්ස් තස්මන් කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූ එංගලන්ත පිලේ පුහුණුකරුවා ප්‍රශ්න කළේ මෙවන් තරගාවලියක් ලෝකයේ උසස්ම මට්ටමේදී තබාගන්නේ ඇයිද කියාය.

බේලිස් මහතාගේ අදහස වන්නේ විස්සයි-20 තරග අයි.පී.එල්. නැතහොත් බිග් බෑෂ් හෝ සී.පී.එල් ආකාරයේ දේශීය තරග සඳහා පමණක් අනුමත කිරීමට ක්‍රිකට් ලොක්කන් පියවර ගත යුතු බවයි.

“මම නම් ඔය විස්සයි-20 සෙල්ලම් කරන්නේ නෑ. මා ඒක කණ්ඩායම් අයිතිකාරයින්ටම කරගන්න කියනවා”
“අපි මේ තරම් ක්‍රීඩා කරන්න ගියොත් කිසියම් අවස්ථාවකදී පුපුරායාමක් සිද්ධ වෙන්න පුළුවන්. ක්‍රීඩකයන්ට විතරක් නෙමේ. පුහුණුකරුවන්ටත් ඒක බලපානවා” යයිද ටේ‍රවර් බේලිස් මහතා ස්කයි ස්පෝට්ස් සේවයට පැවසීය. අයි.පී.එල්. කණ්ඩායම් මෙන්ම ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන බිග් බෑෂ් ලීගයේද කණ්ඩායම් පුහුණුකර ඇති බේලිස් මහතා කියන්නේ විස්සයි-20 අන්තර්ජාතික තරග පවත්වන්නේ නම් එය විස්සයි-20 ලෝක කුසලාන තරග පැවැත්වෙන වර්ෂයට පමණක් සීමා කළ යුතු බවයි.

ඕස්ට්‍රේලියාවේදී අළු බඳුන තරගාවලියටත් ඉන් අනතුරුව එක්දින සහ විස්සයි-20 තරගාවලියකටත් සහභාගි වූ එංගලන්ත කණ්ඩායම නවසීලන්තයේදී විස්සයි-20 තුන්කොන් තරගාවලියකට සහභාගි විය. නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරගාවලියක්ද එංගලන්ත පිලට ඉතිරිව තිබේ.

කෙසේ වෙතත් නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් ටේ‍රවර් බේලිස් මහතා සමමග එකඟ නොවේ.
“ක්‍රීඩකයන් වගේම පුහුණුකරුවන්ටත් වෙහෙසවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා තමා. ඒත් ආදායම් ඉපයීම පිළිබඳවත් හිතන්න ඕනේ”

“සමහර රටවල නම් ලොකු ප්‍රශ්නයක් නොවුණත් නවසීලන්තයේ නම් ඊඞ්න් ගාර්ඞ්න් පිටියට 35,000 ක පිරිසක් ගෙන්වනවා කියන්නේ අපට අති විශාල දෙයක්. ඒක ක්‍රීඩාවටත් හොඳයි, ක්‍රීඩාවේ ප්‍රතිරූපයටත් හොඳයි” යයි මයික් හෙසන් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...