. නේලක - චාතූර්ය ශ්‍රී ලංකාව දිනවති | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
නේලක - චාතූර්ය ශ්‍රී ලංකාව දිනවති
2018-03-07 12:35:44 | ශානුක අරවින්ද
 
ලෝක කනිෂ්ඨ (වයස 14 න් පහළ) ටෙනිස් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ආසියා ශාන්තිකර කාළාපයේ පෙර සුදුසුකම් ලැබීමේ තරගයකදී සිංගප්පූරුවට එරෙහිව 3-0 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. 
 
කොළඹ ටෙනිස් සංගම් මූලස්තාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ අතර එම තරග තුනේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීමට නේලක දිසානායක සහ චාතූර්ය නිලවීර සමත් වූහ. 
 
ඉන් පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් පරාජය කිරීමට නේලක දිසානායක සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස රිඛිල් මුලානි පරාජය කිරීමට චාතූර්ය නිලවීර සමත් විය. තියුණු සටහනකින් අනතුරුව යුගළ තරගයේදී නේලක සහ චාතූර්ය එක්ව ටෑංග් චෑන් සහ රිඛිල් මුලානි පරාජය කළේ වට 2-0 ක් ලෙසනි. 
 
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය 
 
නේලක දිසානායක විසින් වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් පරාජය කරන ලදි. (6/0, 6/2) 
චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස රිඛිල් මුලානි පරාජය කරන ලදි. (6/0, 6/4) 
නේලක දිසානායක සහ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් සහ රිඛිල් මුලානි පරාජය කරන ලදහ. (6/1, 7/5) 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...