. සභාපති - ලේකම් සීතල යුද්ධයක | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 21 වැනි ඉරිදා
සභාපති - ලේකම් සීතල යුද්ධයක
2018-03-07 18:13:20 | නාමල් පතිරගේ

වත්මන් පාලනය පිහිටවූදා සිට කායවර්ධන සම්මේලනයේ ප්‍රධානින් දෙදෙනකු අතර ඇතිවී තිබෙන බල අරගලය හේතුවෙන් මේ වසරටත් ආසියානු කායවර්ධන ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුවී තිබෙන බව වාර්තාවේ.

අප්‍රේල් මස 27, 28, 29 යන දිනවල මොන්ගෝලියාවේ උලන්බතාර් නගරයේදී 2018 ආසියානු කායවර්ධන ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජාතික සංචිතයේ ක්‍රීඩකයන් පෙර පුහුණුවීම් ආරම්භ කර තිබේ. පසුගිය වසර දෙකේදිම ශ්‍රී ලංකාව ආසියානු කායවර්ධන ශූරතාවලියට සහභාගි වී නොමැත.

මෙම තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ආසියානු තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ නම් ඒ සඳහා අප්‍රේල් 15 වැනිදා වනවිට සියලුම කටයුතු සූදානම් කර අවසන්ව තිබිය යුතු බවයි.

“ආසියානු තරගාවලියට සූදානම් වීමට පෙර ජාතික කායවර්ධන තේරීම් කමිටුව නිර්දේශ කර ගත යුතුයි. ඒ සඳහා මා ලේකම්වරයාට අවශ්‍ය ලියකියවිලි සහ දැනුම්දීම් සූදානම් කරන ලෙසත් උපදෙස් දුන්නත් ඒවා ක්‍රියාත්මක කරන්න ඔහු උනන්දු වන බවත් පේන්න නෑ”

“ඒ විතරක් නොවේ සම්මේලනයේ ලේකම්වරයාට අදාළ බොහෝ කටයුතු හා වගකීම් දැන් ඉටුවෙන බවක් පේන්න නෑ. ඒ ගැන මා ක්‍රීඩා ඇමැතිවරයා පවා දැනුවත් කළා. ඒකට හේතුවෙලා තිබෙන්නෙ ඔහු හිටපු සභාපතිවරයකු විසින් හැසිරවීමට දරන උත්සාහයයි. ජාතික ක්‍රීඩා සංගමයක ලේකම්වරයා හැමවිටම එහි සභාපතිවරයා දැනුවත් කරමින් හා ඔහුට වගකියමින් කටයුතු කළ යුතු නියමය ඔහු දිගින් දිගටම නොසළකා හරින තත්ත්වයක් තුළ අද කායවර්ධන සම්මේලනයේ මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙන බවයි මම විශ්වාස කරන්නෙ.” යයි කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ පිළිබඳව කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවැසීය.

“මේ ගැන කතා කරන්නවත් මා කැමැති නෑ. ලේකම් ධුරයේ වගකීම් සම්බන්ධයෙන් මට හොඳ අවබෝධයක් තිබෙනවා. තව තවත් කුණු අවුස්සන්නෙ නැතිව ධුරයේ වගකීම් ඉටු කරන්න මා අදිටන් කරගෙන ඉන්නවා. මා ගැන මාධ්‍යවල කුමන මතිමතාන්තර පළවුවත් ඒවා ගැන උනන්දු වෙන්න මට කාලයකුත් නෑ. ඒවායෙන් මා වැටෙන්නෙත් නෑ. ඒවායෙන් වෙන්නෙ මම තව තවත් පන්නරය ලැබීමයි”

කෙසේ වුවත් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන නිලධාරින් කමිටුවටද කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව චෝදනා කරමින් කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. ඔහු ව්‍යවස්ථා විරෝධිව කටයුතු කිරීමෙන් සභාපතිවරයාගේ බලතල හෑල්ලුවට ලක් කර ඇතැයි එමගින් චෝදනා නගා තිබේ.

මේ අතර මෙම තත්ත්වය මේ වනවිට එහි නිලවරණය කැඳවීමටද බාධා ගෙනදී තිබෙන බව වාර්තාවේ. මී ළඟ නිලවරණය කායවර්ධන සම්මේලනය මෙතෙක් ක්‍රියාත්මකවූ පරිදි ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලබාදීම වෙනුවට දිස්ත්‍රික් සංගම්වලට ඡන්ද බලය ප්‍රදානය කරමින් පැවැත්විමට සැළසුම් කර තිබේ.

එහෙත් ඒ සඳහා දිස්ත්‍රික් සංගම් වසරක කාලයක් ගෙවිය යුතු බැවින් නිලවරණයට එම සංගම් කැඳවීමේදී ඒ සඳහා සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමකදී යෝජනාවක් සම්මත කර ගනිමින් ඊට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

දිස්ත්‍රික් සංගම් අටක් මේ වනවිට ස්ථාපිත කර තිබෙන නමුත් කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයා පවසන්නේ එම සමහර සංගම් කායවර්ධන ක්‍රීඩාවට සම්බන්ධ තනි බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවා තිබෙන බැවින් ඒවායෙහි පිළිගැනීම සම්බන්ධයෙන් ගැටළු මතුකර තිබෙන බවයි.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය ලබන මැයි මාසය ඉවත්වීමට පෙර පවත්වා අවසන් කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...