. ද ලාසාල් කුසලාන තරගය කඳානේදී | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 21 වැනි ඉරිදා
ද ලාසාල් කුසලාන තරගය කඳානේදී
2018-03-09 21:53:21 | ශානුක අරවින්ද

කඳාන ද මැසිනොද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ‘ද ලාසාල් කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (10 වැනිදා) සහ අනිද්දා (11 වැනිදා) කඳානේදී පැවැත්වේ.

වසර 6 කට පෙර දෙවිදුහල් අතර මෙම මහ ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර මේ දක්වා පැවැති තරගවලදී එක් ජයග්‍රහණයක් හෝ අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් වී නැත. ශාන්ත බෙනඩික් විදුහල අවසන් වරට මෙම තරගය ජයගෙන ඇත්තේ 20016 වසරේදීය.

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදී තරග 13 කට සහභාගි වූ මැසිනොද් විදුහල, එහිදී කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව පූර්ණ ජයක් ලබාගෙන ඇති අතර මරදාන ශාන්ත ජෝෂප් විදුහලට සහ ගාල්ල මහින්ද විදුහලට එරෙහිව පූර්ණ පරාජයන් ලබා තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම නිසා මෙවර තරග වාරයේදී මැසිනොද් විදුහලට ක්‍රිෂාන් සංජුලගේ සහාය ලබාගැනීමට නොහැකි විය. නායක මිතිල ගීත්, සාලිය ජූඞ්, රොමාල් ප්‍රනාන්දු සහ පසිඳු රාජමුනින්ද්‍ර යන ක්‍රීඩකයෝ මැසිනොද් විදුහල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

මෙවර තරග වාරයේදී මොරටු විද්‍යාලයට, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට සහ ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ වෙස්ලි, මහනුවර ත්‍රිත්ව, කොළඹ ඩී.එස්. සේනානායක සහ මාතර ශාන්ත තෝමස් යන විදුහල් හමුවේ පූර්ණ පරාජයන් ලැබීය.

මතීෂ තීක්ෂණ, කවීෂ ජයතිලක, කඩුලු රකින ක්‍රීඩක ෂෙහාන් ප්‍රනාන්දු සහ වේග පන්දුයවන ක්‍රීඩක ප්‍රිත්වි ජෙගරාජසිංහම් යන ක්‍රීඩකයෝ මෙවර තරග වාරයේදී බෙනඩික් විදුහල වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූවෝ වෙති.

මැසිනොද් විදුහලේ ක්‍රීඩා සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන උප විදුහල්පති පුබුදු රාජපක්ෂ ගරු සහෝදරතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම විදුහලේ ක්‍රිකට් කමිටුව මෙවර මහ ක්‍රිකට් තරගය සංවිධානය කරයි. ද ලා සාල් නිකායේ ප්‍රාදේශීය පාලක ක්‍රිස්ටි කෲස් ගරු සහෝදරතුමන් මෙවර මහ තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙයි.

ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යක්ෂ හෙන්රි දිසානායක ගරු සහෝදරතුමා, මැසිනොද් විදුහලේ අධ්‍යක්ෂ ජනක ෆොන්සේකා ගරු සහෝදරතුමා සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් විශේෂ ආරාධිතයන් ලෙස මෙවර තරගයට එක්වීමට නියමිතය.

කඳාන ද මැසිනොද් විදුහල් කණ්ඩායම

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායම

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...