. උතුරු සටනේ ජය යාපනය මැදි විදුහලට | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
උතුරු සටනේ ජය යාපනය මැදි විදුහලට
2018-03-11 13:46:42 | ශානුක අරවින්ද

යාපනය මැදි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති 112 වැනි ‘උතුරු සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල ඊය‍ේ (10 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ.

දෙවැනි දිනය වූ 9 වැනිදා තරගය අවසන්වන විට ලකුණු 8 කට කඩුලු 4 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව සිටි ශාන්ත ජෝන් විදුහල, අවසන් දිනයේදී (10 වැනිදා) එම තත්ත්වයෙන් මිදුණේ සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 211 ක් එක් කරගනිමිනි. එහිදී වී. ජදුෂාන් (50) සහ කේ. කපිල්රාජ් (50) ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර ඩී. ශෙරෝපන් (46) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 111 ක් රැස්කිරීමේ අරමුණින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත ජෝන් විදුහලේ මුල් පිතිකරුවන් සිවුදෙනා දෙවැනි දිනය අවසානයේ ඕවර 5.2 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට එස්. මධුෂාන් සහ එස්. සුජාන් සමත් වූහ. අවසන් දිනයේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වූ එස්. සුජාන් ලකුණු 29 කට කඩුලු 4 ක්ද, එස්. මධුෂාන් ලකුණු 30 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශාන්ත ජෝන් විදුහලේ පිතිකරුවන් අමාරුවේ දැමූහ.

ලකුණු 109 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහලට ලකුණු 45 ක් පමණක් ලබා දෙමින් පිතිකරුවන් පස්දෙනෙක්ම පිටියෙන් ඉවත් කළ කේ. කපිල්රාජ්, ඔවුන්ට ජයග්‍රහණය අසීරු ඉලක්කයක් බවට පත් කළේය. එහෙත් දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (52) ලබාගත් එස්. මධුෂාන්, දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයක් (53) ලබාගනිමින් යාපනය මැදි විදුහල ජයග්‍රාහී මාවත වෙත යොමු කළේය.

එස්. මධුෂාන්ට අමතරව ඒ. ජයදර්ෂන් (77) සහ ආර්. රාජ්ක්ලිනිටන් (නොදැවී 53) ද පළමු ඉනිමේදී යාපනය මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ කේ. කපිල්රාජ්, පළමු ඉනිමේදී ලකුණු 96 කට දවාගත් කඩුලු 5 ත් සමග මුළු තරගයේදී ලකුණු 141 කට ලකුණු කඩුලු 10 ක් දවාගත්තේය.

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලු දෙනා දැවී 217
(ඩී. ශෙරෝපන් 65, අල්ෂාන් දිනූෂන් 31, ටී. දිනෝෂන් 28, එම්. සෞම්යන් 22, ජොයෙල් ප්‍රවීන් 21, වී. වියාස්කාන්ත් 41/4, එස්. තසෝබන් 34/3)

යාපනය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 101.1 කදී සියලු දෙනා දැවී 328
(ඒ. ජයදර්ෂන් 77, ආර්. රාජ්ක්ලිනිටන් නොදැවී 53, එස්. මධුෂාන් 52, එස්. තසෝබන් 49, වී. විෂාන් 30, කේ. කපිල්රාජ් 96/5, එම්. අබිනාෂ් 34/2)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලු දෙනා දැවී 219   
(වී. ජදුෂාන් 50, කේ. කපිල්රාජ් 50, ඩී. ශෙරෝපන් 46, ටී. දිනෝෂන් 33, එස්. සුජාන් 29/4, එස්. මධුෂාන් 30/3, වී. වියාස්කාන්ත් 60/2)

යාපනය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 9 ක් දැවී 110
(එස්. මධුෂාන් 53, කේ. කපිල්රාජ් 45/5)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...