. ශ්‍රී ලංකා හොකී පිල ආසියානු ක්‍රීඩා උළෙලට | කෙළිමඬල
2018 මැයි මස 21 වැනි සඳුදා
ශ්‍රී ලංකා හොකී පිල ආසියානු ක්‍රීඩා උළෙලට
2018-03-13 19:54:47 | ශානුක අරවින්ද

මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම සමත් විය. මේ දින වල ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ වරම් දිනාගත්තේය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව, එහිදී කසකස්තානයට එරෙහිව ගෝල 6-0 ක ජයක්ද, චීන තායිපේට එරෙහිව ගෝල 4-1 ක ජයක්ද අත්කරගමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

කසකස්තානයට එරෙහිව පැවැති තරගයේදී ධම්මික රණසිංහ ගෝල 2 ක්ද, රජිත කුලතුංග, අනුරුද්ධ සුරේෂ්, දමිත් බණ්ඩාර සහ සඳරුවන් ප්‍රියලංක ගෝලය බැගින්ද ලබාගත් අතර චීන තායිපේට එරෙහිව පැවැති තරගයේදී අනුරුද්ධ සුරේෂ් ගෝල 2 ක්ද, සඳරුවන් ප්‍රියලංක සහ ඉෂංක ජයසුන්දර ගෝලය බැගින්ද ලබාගත්හ.

මුලික වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ සත්කාරක ඕමානයට එරෙහිව පැවැති තරගය පමණි. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 5-1 ක පරාජයක් හිමි වූ අතර එහිදී අනුරුද්ධ සුරේෂ් ගෝලයක් ලබාගැනීමට සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව තරග අනිද්දා (15 වැනිදා) පැවැත්වෙන අතර එහිදී ඉකුත් වසරේ ශූරයන් වූ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවද, ඉකුත් වසරේ අනු ශූරයන් වූ ඕමානයට එරෙහිව හොංකොං හෝ තායිලන්තය කණ්ඩායම් දෙකන් එකක්ද තරග වැදීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
විරාට් කෝලිගේ සැඟවුණ මානුෂීය ගුණය ...
2018-05-14 19:28:51
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉ...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පිතිකරුවෝ ගාල්ල පිලට ජය ගෙනෙති...
2018-05-14 20:52:30
අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් ...
කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට...
2018-05-14 23:57:57
කෙවින් ඕ’බ්‍රයන්ගේ මංගල ටෙස්ට් ශතකය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද...