. කවීෂට ද්විත්ව ජයග්‍රහණයක් | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
කවීෂට ද්විත්ව ජයග්‍රහණයක්
2018-03-13 21:43:09 | ශානුක අරවින්ද

බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී තජිකිස්තානයට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමත්විත විය. එහිදී තමන් සහභාගි වූ තරග දෙකේදීම ජයගත් කවීෂ රත්නායක, ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.

පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස තජිකිස්තානයේ මිර්සොබහුදුර් මුනිනොව් පරාජය කළ කවීෂ, යුගළ තරගයේදී චාතුර්ය නිලවීර සමග එක්ව මුහම්මද් ෆිර්දව්ස් සහ ගයිරට් සියෝවුෂි පරාජය කළේ වට 2-0 ක් ලෙසිනි.

දෙවැනි කේවල තරගයේදී මුහම්මද් ෆිර්දව්ස්ට එරෙහිව වට 2-0 ක ජයක් අත්කර ගැනීමට අෂේන් සිල්වා සමත් විය. ඒ අනුව තජිකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3-0 ක පූර්ණ ජයක් හිමිවිය.

තරග ප්‍රතිඵල
■    අෂේන් සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිර්සොබහුදුර් මුනිනොව් (තජිකිස්තානය) පරාජය කරන ලදි.
■    චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුහම්මද් ෆිර්දව්ස් (තජිකිස්තානය) පරාජය කරන ලදි.
■    කවීෂ රත්නායක සහ චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිර්සොබහුදුර් මුනිනොව් සහ ගයිරට් සියෝවුෂි (තජිකිස්තානය) පරාජය කරන ලදහ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි...
2019-05-12 19:40:39
හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහ...
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හස...
2019-05-12 18:40:32
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේදැයි සැකයක් හටගෙන තිබීම නිසා එළබෙන ජූලි ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...